saruwa-sunil-released

බාලවයස්කාර කන්‍යාවියන්  200 කට වැඩි ප්‍රමාණයක් දූෂණය කර වාර්තාතබන ලදැයි සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති තුළින් අපකීර්තියට ලක්වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා පසුගිය 2020 ජනවාරි මාසයේ එක් අපරාධයක් සම්බන්ධ වැරදිකරු බවට පත්වීම නිසා කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක් නියම කර තිබූ අතර ඔහු පසුගිය වසර 2 ක පමණ කාලය ගතකලේ සිරගෙදරයි.


2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී නීතිපතවරයා පැනවූ නඩුවකින් මෙම දඩුවම ලබා තිබූ අතර පණවා තිබෙන සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර සාරුව ලියනගේ සුනිල් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද විභාගයට ගැනුණි.
එහි තීන්දුව දෙමින් පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සාක්ෂි සම්බන්ධ පරස්පරතාවක් ඇතැයි කියමින් ඔහු එම දඩුවමින් නිදොස් කොට නිදහස් කර තිබේ.

 අභියාචනය ඉදිරිපත් කළ සාරුව ලියනගේ සුනිල්  මහාධිකරණය මගින් තමන්ව වරදකරු කර ඇත්තේ අතවරයට ලක්වූ බව කියන දැරිය විසින් ළමාරක්ෂක අධිකාරියට ලබාදුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බවත් එම වීඩියෝ සාක්ෂිවලින් සදහන් වු කරුණු වෙනත් ස්වාධීන සාක්ෂි වලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත් නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා සිටියේය.


 ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබු අතර විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන ලදි.