sb-dissanayake-speaks

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙන අදහස් වලින් කොටසක් පහත පරිදිය.

ඔබතුමා කලකිරීමකින් වගේ ඉන්නේ?

ඔව් අපි කලකිරීමෙන් ඉන්නේ මම හිතන්නේ  එකඟතාවන් කඩවවීමක් වෙලා තියෙනවා ඇත්තටම මම විසදෙවෙනි ව්‍යවස්ථා සංශෝධනයයේදී එකහෙළා‍ කිව්වා පක්ෂය කඩල වැඩ කරන්න එපා කියලා මම 22ට විරුද්ධයි මොකද මම විධායක බලය පොඩ්ඩක් අඩු කරනවට කැමති නෑ මම කැමති විධායක බලතල වැඩි කරනවට. මේ රට හදන්න දේශප්‍රේමී ආඥාදායකයෙක් ඕනේ අපි ගෝඨාභය රාජපක්ෂගෙන් බලා බලාපොරොත්තු වුනේ ඒකයි. ගොඩක් දියුණු රටවල් හැදුවේ දේශප්‍රේමී ආඥාදායකයන් නිසයි.

ප්‍රජාතන්ත්‍රවාදයට අරන් ඒ රටවල් ගොඩක් විනාශ වුණා.
 ඒ නිසා ජනාධිපතිවරයා ඇවිල්ලා 22 ට සහාය ඉල්ලුවාම මම කිව්වා මේ දෙන්න එකතුවෙලා කරන්න මේකට උදවු කරමු කියලා මම සම්පූර්ණයෙන්ම අකමැතියි ඒත් මේ වෙලාවේ පක්ෂය කඩන්න ඕන නැති නිසා එකග වුණා ඒත් ඉතින් 44 දෙනෙක් ආවෙ නෑ  ඒක තමයි මේකට තියෙන අප්‍රසන්න කම.

 අපි දන්නවා කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී එකඟතාවයක් තිබ්බා දාසයක් පොහොට්ටුවට දාහතරක් අනෙක් පක්ෂවලට කියලා බහුතරයක් ඉන්නේ පොහොට්ටුවේ අය තවත් මොකක්ද ඉතින් ප්‍රශ්නේ?

එකක්වත් පොහොට්ටුවට හම්බුනේ නෑ
 ඒ අය ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව පත් කළ කැබිනට් මණ්ඩලයයි. අනෙක් දෙන්න සජිත් ගෙනාපු දෙන්න. දැන් බලනකොට අපිට ඉන්නේ අගමැතියි ආණ්ඩු පක්ෂ සංවිධායක විතරයි.
රමේෂ් පතිරණ වගේ හතර පස් දෙනෙක් ඉන්නවා හැබැයි බහුතරයක් ඉන්නෙ තාම තාවකාලිකව ඇට වූ කැබිනට් එකේ තවම අපේ පක්ෂ ඉල්ලීම් ඉෂ්ට කරලා නෑ .
 ජනාධිපති කතා කළේ එක් වතාවක් පමණයි.

එකම බලාපොරොත්තුව තව පක්ෂවලින් කට්ටිය එයි කියලා කොහොම වුණත් එහෙම එකට අපේ කැමැත්තක් නෑ.

මට ඇමතිකමක් නැතිවුණ එක ගැන නෙමෙයි ප්‍රශ්නෙ.අද තියන අමාථ්‍යංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදු පොරමුණට නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන 

(Courtesy - Deshaya -Gayan Gallage)