
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නවතා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනයකින් දන්වා ඇත.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන ඇත.
ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එතෙක් කිසි දු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජල සමිපාදන මණ්ඩලය තීරණය කර ඇත.
සම්බන්ධිත පෙර පුවත
ජල බිල් නොගෙවන පාසල් වල ජල සබඳතා දින 14කින් විසන්ධියි
Comments
Post a Comment
Your comment will be visible after approval