shiroshi-romeshika-hospitalized

ප්‍රකට රංගන හා නර්තන ශිල්පිණියක වන ශිරෝෂි රොමේෂිකා පසුගියදා සිදුවූ අනපේක්ෂිත අනතුරකින් තුවාල ලබා අසාධ්‍යවී මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.


පසුගිය ඉරිදා (09) සවස ඇය පවුලේ අය සමග බෙන්තොට ප්‍රදේශයේ  විවේකය ගත කරන්නට ගිය අවස්ථාවක ජෙට්ස්කි (Jetski) ධාවනයේ යෙදී ඇති අතර ඇය පැදවූ බෝට්ටුව එම අවස්ථාවේ ගමන් ගත් තවත් බෝට්ටුවක මුහුණට මුහුණ ගැටීමෙන් ඇය විසිව ගොස් ඇති බවත් අනතුරින් තුවාල ලද ඇය මුදවාගෙන ආසන්නයේ පිහිටි කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වේ.


ඉරිදා හවස සිට අද බ්‍රහස්පතින්දා වනතුරුත් ඇය තවම දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තාවේ. රෝහල් ප්‍රකාශකයෙකු විමසීමේදී දැනගන්නට ලැබුනේ අනතුර හේතුවෙන් ඇගේ වකුගඩු වෙත රුධිරය කාන්දුවී ඇති බවයි. මේ හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඇයව යථා තත්වයට ගන්නට වෙහෙස ගනිමින් සිටින බවද දන්වා ඇත.ඇගේ සැමියා වන ගායක අමල් පෙරේරාට ඇය පරීක්ෂාවට අවසර ඇතත් කිසිවෙකුට ඇයව බලන්නට තවම අවසර ලබාදී නැත.
ශිරෝෂි රොමේෂිකා කලා ලොවට පිවිසෙන්නේ ඩාන්සින් ස්ටාර් තරගාවලියේ නර්තන තරගකාරියක ලෙසයි. එම තරගාවලියේ විනිශ්චය සභිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රකට ගායක අමල් පෙරේරා සමග ඇය පසුව පෙම් සබඳතාවක් අරඹන අතර පසුකාලීනව ඔවුන් විවාහ විය. ඇයට මේ වනවිට සිඟිති දියණියකද සිටින්නීය.
ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.





Jet ski ක්‍රීඩාව ආරක්ෂිතව සිදුකළ යුතු අයුරු දැක්වෙන උපදේශන වීඩියෝවක් පහතින්