shiroshi-romeshika-hospitalized

මින් සතියකට පමණ ඉහත 6 ඉරිදා බෙන්තොට ප්‍රදේශයේ ජෙට්ස්කි (Jetski) ධාවනයේ යෙදීමේදී අනතුරකට ලක්වූ  රංගන ශිල්පිණී ශිරෝෂි රොමේෂිකා  කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇයව කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර එවා ඇති බව වාර්තාවේ.
ඇය එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට දින 2 ක් පමණ ගත කරමින් සිටී. වෛද්‍යවරුන් පවසන්නේ ඇයට තවම ප්‍රතිකාර කරන බවත් තත්වය යහපත්වූ පසු සාමාන්‍ය වාට්ටුවකට යොමු කරන බවත්ය.

සිද්ධිය වූ අවස්ථාවේ ඇය පැදවූ බෝට්ටුව එම අවස්ථාවේ ගමන් ගත් තවත් බෝට්ටුවක මුහුණට මුහුණ ගැටීමෙන් ඇය විසිව ගොස් තුවාල ලද ඇය මුදවාගෙන රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා විය.  අනතුර හේතුවෙන් ඇගේ වකුගඩු වෙත රුධිරය කාන්දුවී තිබූ බවද මින් ඉහත වාර්තා වී තිබුණි.

ශිරෝෂි රොමේෂිකා කලා ලොවට පිවිසෙන්නේ ඩාන්සින් ස්ටාර් තරගාවලියේ නර්තන තරගකාරියක ලෙසයි. එම තරගාවලියේ විනිශ්චය සභිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රකට ගායක අමල් පෙරේරා සමග ඇය පසුව පෙම් සබඳතාවක් අරඹන අතර පසුකාලීනව ඔවුන් විවාහ විය. ඇයට මේ වනවිට සිඟිති දියණියකද සිටින්නීය.
ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. 






Jet ski ක්‍රීඩාව ආරක්ෂිතව සිදුකළ යුතු අයුරු දැක්වෙන උපදේශන වීඩියෝවක් පහතින්