sri-lanka-newzealand

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති අතර ශ්‍රී ලංකාව පරාජයට පත්විය.


කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කර ගැනීමට සමත් විය.
නවසීලන්ත ඉනිම ආරම්භයේදී කඩා වැටීමකට ලක්වූවත් ග්ලෙන් පිලිප්ස් අවසන් ඕවරය තෙක් රැඳෙමින් රැස්කළ 104 නිසා විශාල ලකුනු ප්‍රමාණයකට යාමට හැකි විය.


නවසීලන්තයට එරෙහිව ලකුණු 168ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර19.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 102කි.ඒ අනුව නවසීලන්ත පිළට ලකුණු 65ක ජයක් හිමිවිය.
ශ්‍රී ලංකා පිලේ මුල් පිල සහමුලින්ම බිද වැට්ටවීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත් විය. ලකුණු ලබාගත්තේ දසුන් ශානක හා භානුක රාජපක්ෂ පමණි. ශ්‍රී ලංකාව අද දින දුර්වල පන්දු රැකීමක්ද වාර්තා කළ අතර ග්ලෙන් පිලිප්ස් ලකුණු 10 ට අඩුවෙන් ලබාගෙන සිටියදී අතටම ලබාදුන් උඩ පන්දුවක් පැතුම් නිශ්ශංක අතහැරියේය.මෙම පරාජය සමග ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ ​පහළටම ගියේය.
ලකුණු සටහන පහතින් පොයින්ට්ස් ටේබල් ඊට පහතින්