tamil-novel-writer-in-prison

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (28) පැවැති අතර එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය හිමි වූයේ,

බන්ධනාගාරගතව සිටින සිවලිංගම් ආරූලන් මහතාටය.
ඔහු විසින් රචනා කරන ලද “ආදුරු සාලෙයි” කෘතියට මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි.  ඔහු වෘත්තිය වශයෙන් ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ අයෙකි.

කොළඹ පිත්තල හන්දියේදී 2006 වසරේ එවක ආරක්ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුමට සම්බන්ධ අයෙකු ලෙස නම් කර බන්ධනාගාරගතව සිටින ඔහු  බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය,අමාත්‍ය වීදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ජයමාල් චන්ද්‍රසිරි)