tamilnadu-space-station

ඉන්දියාව සිය දෙවැනි අභ්‍යාවකාශ තොටුපොළ ඉදිකිරීමේ කටයුතු නදුරේදීම ආරම්භ කරනු ඇතැයි එරට බලධාරින් පවසයි. මෙවරඑය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, ටුටිකොරින්  දිස්ත්‍රික්කය කුලසේකරපට්ටිනාම්හි තෝරාගත් භූමියක පිහිටුවීම සැලසුම වී තිබේ. දැනටමත් අදාළ භූමිය අත්පත් කරගැනීම සිදුකර ඇති බව විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබද තරනාඩු ජාතික කවුන්සිලයේ උපසභාපති ආචාර්ය මයිලස්වාමි අන්නදුරෙයි පසුගියදා පැවැති හමුවකදී සඳහන් කළේය. ඔහු ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ මෙම ඉන්දියාවේ චන්ද්‍රයාන්-1 මෙහෙයුම් හිටපු අධ්‍යක්ෂවරයකුද වෙයි.දැනටමත් ඉන්දියාව සතුව අත්ල ප්‍රදේශ ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා දූපත් පිහිටි සතිෂ් ධවාන් නමින් අභ්‍යවකාශ තොටුපොලක් පවතී. ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය එමගින් සිය චන්ද්‍රිකා කක්ෂගත කිරීම ඇතුළුව අභ්‍යවකාශ රොකට්ටු අත්හදා බැලීමේ කටයුතු සිදු කරයි.

ඉන්දියාවේ නැගෙනහිර වෙරළට වන්නටසමකයට ආසන්තයේ ඉදිකර ඇති මෙය ජන ශුන්‍ය ප්‍රදේශයක පිහිටා තිබේ. එම අභ්‍යවකාශ තොටුපොළ මගින් මේ දක්වා වඩාත් සාර්ථක ලෙස චන්ද්‍රිකා කරගත කිරිමේ හැකියාව ලැබී තිබේ. මෙහි රොකට්ටු කක්ෂගත කිරිමේ වේදිකා (Launching Pad) දෙකක් පිහිටුවා ඇත.මෙම කටයුතු තවදුරටත් පුළුල් කිරිමේ අරමුණින් මෙලස දෙවැනි අභ්‍යවකාශ තොටුපොළත් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය වසර ගණනක් පුරා සිය අවධානය යොමුකර තිබුණි.


මෙම නවතම ඉදිකිරීමත් සමගින්ම ඉන්දියාව සතු රොකට්ටු කක්ෂගත කිරීම්  වේදිකා සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ. ඉන්දියානු තාක්ෂණික ආයතනය මගින් පසුගියදා මඩ්රාස් නුවරදි පැවැත්වු Space Technology Conclave නම් හමුව අමතමින් මේ පිළිබදව අදහස් දක්වා ඇති ආචාර්ය අන්නදුරෙයි. අභ්‍යවකාශ තාක්ෂණය කියන්නේ අනාගතයේ ප්‍රධානතම ව්‍යාපාරයක්." යනුවෙන් පවසා තිබේ. මෙම අවස්ථාව එක්සත් ජනපදයේ කොන්සල් කාර්යාලය සහ ඉන්දියානු අභ්‍යවකාශ සංවිධානය (ISpA) එක්ව සංවිධානය කරවූවකි. මේ අතර, එහිදී අදහස් දක්වා ඇති ඉන්දියානු ජාතික අභ්‍යාවකාශ ප්‍රවර්ධන සහ අනුමති මධ්‍යස්ථානයේ (IN-SPACE) හි තාක්ෂණික අධයක්ෂ මහාචාර්ය රජිව් ජෝති මහතා, "ඉදිරි වසර 10ක කාලයකදී චන්ද්‍රිකා 10,000ක් පමණ කක්ෂගත කරනු ඇතයි පුරෝකථනය කර තිබෙනවා.

එහිදී සන්නිවේදන, රේඩාර්, ප්‍රකාශ සංවේදක. දුරස්ත සංවේදක ඇතුළු චන්ද්‍රිකා ඇතුළත් වේවි. දැනටමත් අපට ව්‍යාපාරික යෝජනා 125කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ අතරින් 12ක් සදහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමකට සූදානම්, තවත් 12වැඩ අවසන් කිරීමට නියමිතව තිබෙනවා” යනුවෙන්ද පවසා තිබේ.මෙහිදී දැනට පවතින විශාල ප්‍රමාණය භූස්තාවර මාදිලියේ (geostationary) චන්ද්‍රිකා වෙනුවට අනාගතයේදී පෘථිවියේ පහළ කක්ෂයේ (LEO - Low Earth Orbit) පිහිටුවන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා සම්බන්ධයෙන් වන උනන්දුව ඉහළ යනු ඇතැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.


මේ තත්වයත් සමග ඉන්දියාව ඉදිරියේදී මෙම පහළ පාථිවි කක්ෂය වෙත යවන චන්දිකා සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති බවත්, ඒ සදහා යොදාගන්නා නවතම SSLV (Small Satellite Launch Vehicle) රොකට්ටු සදහා ඉහළ අවස්ථාවක් පවතින බවත් ආචාර්ය අන්නදුරෙයි මෙම හමුවේදී වැඩිදුරටත් පවසා තිබේ.ඒ අනුව ඉදිරියේදී තමිල්නාඩුවේ කුලසේකරපට්ටන්හි දී ඉදිකෙරෙන මෙම දෙවැනි අභ්‍යවකාශ තොටුපොළ හරහා මෙම SSLV මාදිලියේ රොකට්ටු කක්ෂගත  කිරීම් කටයුතු වඩාත් සාර්ථක කරගත හැකිවනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසය වී තිබේ.මෙම ස්ථානයේ සිට චන්ද්‍රිකා කක්ෂගත කිරිමේදි වඩාත් ඉක්මණින් පෘථිවි කක්ෂය වෙත පිවිසිය හැකි බවත්, ඒ හරහා ඉන්ධන ඉතිරියක් සිදුකළ හැකි බවත් ඉන්දියාව හඳුනාගෙන ඇත.