thalawathugoda-robbery

කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ නිවසකට ඇතුළුවී නිවෙස් හිමිකාරියට පිහියක් පෙන්නා බිය ගන්වා පහරදී තුවාල සිදුකර නිදිපෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් ස්වෙල්දෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනකු වන බවත් පොලිසිය සඳහන් කරයි.



ඉකුත් හත් වෙනි දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ  පේරාදෙණිය, පිළිමතලාව හා දොම්පේ ප්‍රදේශවල දීය. එම සැකකරුවන් මීට වසරකට පමණ ඉහතදී පැමිණිලිකාරියට අයත් කඩ කාමරයක් කුලී පදනම මත ලබා ගෙන ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත. කොල්ල කන ලද රන් භාණ්ඩ වලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් සැකකාරියන් තලංගම පොලිස් ස්ථානය වෙත බාර දී ඇත. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය පරික්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ