කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වා යමින් ඇමරිකාවේ ඇපල්, කොකා කෝලා මයික්‍රසොෆ්ට් ආදී සමාගම්වල සියයට 30-35 ක පොලියක් ලබාගතහැකි ලෙස මුදල් ආයෝජනය කරන බව කියමින් කාලයක් තිස්සේ මුදල් ලබාගනිමින් නැවත මුදල් නොදී වංචාවන් සිදු කළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව මේවනවිට අත්අඩංගුවේ පසුවන අතර ඇයගේ වංචාවට හසුවූ අය ගැන මෙන්ම ඇය සමග මෙම වංචාවන්ට අනුබල දෙමින් සම්බන්ධව සිටි අය ගැන පොලිස් විමර්ශන ආරම්භවී තිබේ.
රහත් වී ඇතැයි තමාම පවසන කඩවත පන්සලක වාසය කරන බොරැල්ලේ සිරිසුමන හිමි සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසමින් සැකකාරිය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක වෙසෙන බොරැල්ලේ සිරිසුමන හිමිගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිමියනුත් සැකකාරියත් සමීප හිතවත්කම් පවත්වා ඇති බවට අනාවරණයවේ.
බොරැල්ලේ සිරිසුමන හිමි මින් ඉහත සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වූයේ තමන්ගේ මුහුණේ හැඩරුව ප්ලාස්ටික් සැත්කම් මගින් වෙනස් කරගත් අයෙකු හැටියටයි. එසේම එම හිමියන් වාසය කරන සුඛෝපභෝගී වාසස්ථානය ගැනද සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළවිය. විස්කි පානය කිරීම ප්‍රසිද්ධියේ කතාබහට ලක්කරමින් සංඝ විනය කඩවීම සම්බන්ධ කථාබහට ලක්වන කරුනු රැසක් ගැන තොරතුරු හුවමාරුවිය.
රහත් වී ඇතැයි තමාම පවසන කඩවත පන්සලක වාසය කරන බොරැල්ලේ සිරිසුමන හිමි සමග එක්ව රත්‍රං ලබාදෙන බව පවසා වංචාවන් සිදු කර ඇති බවට දැනට ලැබී ඇති පැමිණිලි සිදු කළ වයාපාරිකයින් චෝදනා කරන අතර එම චෝදනාවන්ට සම්බන්ධව ඉදිරියේදී ඔවුන් නීතිමය කටයුතුවල නිරතවනු ඇතැයි පොලිසිය පවසයි.
මෙම සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත්වූ මුල් අවස්ථාව මෙය නොවන බව පොලිසිය සඳහන් කරයි.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2017 වසරේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය 2018 වසරේදී කරුඳුවත්ත පොලිසිය විසින් ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉකුත් ජූනි මාසයේදී මිරිහාන පොලිසිය විසින්ද මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙර අපරාධ වාර්තා කැඳවා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාරිය පුරුද්දක් වශයෙන් මුදල් වංචා සිදුකරන තැනැත්තියක් බවයි.
සැකකාරියට එරෙහිව කොළඹ මහාධිකරණය ඇතුළු අධිකරණ 7ක, මුදල් වංචා කිරීමේ සිද්ධීන්වලට අදාළ නඩු පවතින බවද මේ වන විට අනාවරණය වී තිබේ.
සැකකාරියට අයත් තිකෝ සමූහ ව්‍යාපාරය යටතේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයක්, චිත්‍රපට නිෂ්පාදන සමාගමක්, ඉදිකිරීම් සමාගමක්, තෙල් ආනයනය කරන සමාගමක් ලියාපදිංචි කර තිබූ බවද අනාවරණය වී තිබේ.
එලෙස රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නමැති මූල්‍ය සමාගම් හිමිකාරියට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව පොලිසිය සඳහන් කරයි. ඒ සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට පැමිණිලි 8ක් ලැබී තිබේ. තවත් පැමිණිල්ලක් හෙට 11 ගොනු කරන්නට නියමිත බවද පොලිසිය පවසයි.
0 Comments