පසුගිය 2021 වසරේ පෙබරවාරි මස කොළඹ කිංග්ස්බරි හෝටලය සිනමා තරු රැසකින් පිරී පැවතිණ. ඔවුන් මෙලෙස පැමිණ සිටියේ ජීවන් කුමාරතුංග සිනමා අධ්‍යක්ෂණයට පැමිණිම වෙනුවෙනි.
ජීවන් ‘ජීවා’ නමැති සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් සිනමා ජීවිතයේ තවත් නව පියවරක් තබන්නට උදව් කරන්නේ තිලිණි ප්‍රියමාලිය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පිවිසෙමින් අසාධාරණයට විරුද්ධව හඬක් නඟන ජීවාගේ චරිතයට පණ පොවන්නේ ජීවන් කුමාරතුංගයි. මෙම සිනමාපටය ඒ තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාරගේ පළමු සිනමාත්මක නිෂ්පාදනයයි.
තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඔවුන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට උත්සාහ කර තිබූ අතර එම චිත්‍රපටය තවම පෙන්වා නැත..
ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, ආනන්ද අතුකෝරළ, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, ජීවන් හඳුන්නෙත්ති, රෝහිත ඩයස්, සුදත් විජේසේකර, කුමාර රණපුර, මල්ශාන් දිව්‍යාංජලී, හිමායා සමුදි ‘ජීවා’ රංගනයෙන් හැඩගන්වන පිරිවර වේ. කැලුම් ආර්යන්ගේ තිර රචනයකි. තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වෙති. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගෙනි.
Pix by -Shameera Gunasekara
0 Comments