thilini-priyamali-keerthi-rathnayake

මේ වනවිට ආන්දොලනය මතුකර තිබෙන තිළිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාවගේ මූල්‍ය වංචාවන් සම්බන්ධ කතාබහ අන්තර්ජාලය තුළ අවුළුවන්නට යූටියුබ් ඔස්සේ පැතිර ගිය හඩපට කිහිපයක් ඉවහල් විය. එහි එක් හඩ පටයක අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා සමග දුරකථන සාකච්ඡාවක කොටසක් ඇතුළත්ය. මෙම සාකච්ඡාව කරන්නේ කීර්ති රත්නායක නමැති මාධ්‍යවේදියාය.
‘තිළිණි ප්‍රියමාලි‘ හා සම්බන්ධිත කතාන්තරය හැමතැන පැතිරවූ කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් ඊයේ විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
එහිදී ඔහු පවසන්නේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සිදු කළ වංචාවේ තරම බිලියන 10 ක් වන බවයි.එම මුදල් ඇය රටින් පිට යවා නැති බවත් ඒවා ලංකාව තුළම සඟවා ඇති බවත් ඔහු කියයි.
මෙම කාන්තාව සමග ආසාද් සාලි සමීප ඇසුරක් පැවැත්වූ බවත් එය වැරදී ගිය තැන ඇයට චෝදනා කරමින් මෙම ප්‍රවෘත්තිය තමා හරහා නිර්මාණය කරවාගත් බවත් කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි.

තිලිණි ප්‍රියමාලි කළුතර උපන්නියකි. ඇගේ පියා වඩු කාර්මිකයෙක් බවටත් ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ අටේ පංතියට පමණක් බවටත් තොරතුරු පළව තිබේ.


කලක් මැදපෙරදිග ලෙබනනයේ ගෘහසේවිකාවක ලෙස සේවය කර ඇති අතර පසුව මෙරට කතුන් ලිංගික ජාවාරම් සඳහා එරටදී යොදවාගෙන ඇති බවට ආරංචි පළව තිබේ.‍
මෙම කාන්තාව විවාහයන් 4 ක් සිදු කරගෙන ඇති බව පැවසේ. එසේම දරුවන් තිදෙනෙකුගේ මවකි. එම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වයස අවුරුදු 20ක තරුණයෙකි.
ඔහු ද 34 වෙනි මහලේ ඇගේ කාර්යාලයේ සේවයේ නිරතව සිට ඇති අතර ඇගේ දෙවන කසාදයේ දියණිය එකී පළමු දරුවා අතින් අතවරයට ලක්වීම සම්බන්ධ පැමිණිල්ලක් ළමා ආරක්ෂක අධිකාරියට සිදු කළ යුතු බවද කීර්ති රත්නායක හෙළි කර තිබේ.
ඇය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන තට්ටුවේ කාර්යාලයක් පවත්වා යමින් වංචාවන් සිදු කරන්නට පෙර සිට විවිධ ප්‍රසිද්ධ කලාකාරුවන් හා දේශපාලන බලවතුන් සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර එම සම්බන්ධය ඉතා ශූර ලෙස ව්‍යාපාරික වාසි සඳහා හා තම ආරක්ෂාව පිණිස උපයෝගී කරගෙන තිබෙන බව හෙළිව තිබේ.
විමල් වීරවංශ, අසාද් සාලි ඇතුළු දේශපාලනඥයින් සමග ඇයට සමීප සබඳතා තිබූ බව කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය දිනක පැවැති මායා ජාල නමැති නව චිත්‍රපට මුහරත් උළෙලට මැති ඇමැතිවරුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

එම මුහුරත් උළෙලට ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී මෝනි රෝයි (ශිවන්‍යා) ද සහභාගි කරවාගෙන තිබූ අතර ඒ සඳහා රුපියල් ​කෝටි 2ක අධික මුදලක් වැය කර තිබුණි.
මෙම චිත්‍රපටය පුබුදු චතුරංග යොදවා අධ්‍යක්ෂණය කරන්නට ඇය උත්සාහ ගත් අතර මේ වනවිට මෙම ව්‍යාපෘතියම අඩාලව ඇත.
මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද එක් වූ අතර ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටියහ. ‍මෙම පිරිස ගෙන්වීම සහ ඉන්දියානු කලාශිල්පීන් මෙයට සම්බන්ධ කිරීම මගින් තිලිනි අපේක්ෂා කර ඇත්තේ වයාපාරික අවස්ථා නිර්මාණය කරගන්නටය.
2023 වසරේ ඉන්දියාව සමග එක්ව චිත්‍රපට උළෙලක්ද ඇය සංවිධානය කරමින් සිටි බව තිලිනිගේ ප්‍රධාන සහායකව සිටි ඉසුරු බණ්ඩාර උපුටමින් කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි. ඔහු කියන්නේ කවුරුත් දන්නවා නිළියො එක්ක ව්‍යාපාරිකයො නිදාගන්නවා. නිළියො අල්ලගත්තම ලෙසියි ව්‍යාපාරිකයන්ගෙ සල්ලි කඩාගන්න...
ඒ අනුව මෙම ආයෝජන වයාපෘතිය ඉන්දියාවේ නමගිය නිළියන් සම්බන්ධ කරගෙන එරට ව්‍යාපාරිකයින් දැලේ දාගැනීම දක්වා ව්‍යාප්ත කරගැනීම තිලිණි ඉසුරු ඇතුළු පිරිසගේ අරමුණවූ බව කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි.
ව්‍යාපාරිකයන්ගේ ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල්, ඔවුන් නැවත ඉල්ලා සිටින අවස්ථාවන්හිදී එය මඟහැර යාමට තිලිණි, ඉතා සූක්ෂම ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණි. ඒ ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියක් සහ ඇයගේ හිතවත් තවත් තරුණ නිළියන් කිහිපදෙනෙකු යොදවාගෙන දුරකථන ඇමැතුම් ලබාගෙන ඒ හරහා ලිංගික සංවාද හුවමාරු කරගැනීමය. එම සියලු ලිංගික සංවාද ව්‍යාපාරිකයන්ට නොදැනෙන සේ පටිගත කර, ඒවා අසන්නට සලස්වා ව්‍යාපාරිකයින් බියගන්වා තිබෙන බව පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපෘතියට ලංකාවේ සේමිණි ඉද්දමල්ගොඩ සම්බන්ධවූ බව සත්‍යයක් යයිද කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි. තිලිනිගේ කීමට සේමිණි ව්‍යාපාරිකයෙකු බ්ලැක්මේල් කළ බවත් පසුව ඇය එම ව්‍යාපාරිකයා හමුවී සමාව ඉල්ලා තිබෙන බවත් කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි. 
බොරැල්ලේ සිරිසුමන හිමි තිලිනිගේ අලෙවිකරන උපායමාර්ගික උපදේශකවූ බවද එහිමියන් වෙත එන ඕනෑම කෙනෙකුට පෙර ආත්ම කතා සිදු කරමින් රැවටීමක් කර ආයෝජනය සඳහා පොළඹවා තිබූ බවත් කීර්ති රත්නායක මෙම සාකච්ඡාවේදී පවසයි.