thilini-priyamali-wtc

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිලිණි ප්‍රියමාලි ඊයේ (12) සවස ඇය පාවිච්චි කළ පරිගණක  උපකරණ, ලියවිලි ආදිය හඳුනාගැනීම සඳහා අධිකරණයෙන් ලබාගත් විශේෂ අවසරයක් මත රහස් පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් විසින් ස්ථානීය නිරීක්ෂණය පිණිස රැගෙන ගොස් නැවත ඇයගේ රැඳවුම් වාසස්ථානය වෙත යොමු කෙරිණි.


ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලය සහ ඇය පරිහරණය කළ නිවාස 3 ක් වෙත ඇයව කැඳවාගෙන ගොස් ඇති අතර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ Thico නමින් පවත්වාගිය කාර්යාලයේ තිබූ ලියකියවිලි හා පරිගණක ආදිය දැඩි පරීක්‍ෂාවට ලක්කරනු ලැබීය.
මෙම ස්ථාන මේ වනවිට සීල් තබා ඇති අතර ඇයගේ ගනුදෙනු අනාවරණය කරගැනීමට පෙර ඒවා ඇයට අයත් ඒවා බවට තහවුරු කරගැනීම නීතිමය වශයෙන් වැදගත් වන නිසා මෙලෙස ‘උපකරණ පෙන්වන‘ අදහසින් රැගෙන ගොස් තිබේ.


දැනට වාර්තාවන පරිදි රුපියල් බිලියන 1000 ක පමණ වංචාවක් ඇය සිදු කර ඇතැයි පැවසේ.

ඇයගේ මූල්‍ය වංචාවලට අදාළව මේ වනවිට පැමිණිලි රැසක් ලැබී තිබුණද ‘කළු සල්ලි සැඟවූවන්ගේ‘ ලේබලය වැදේවි යන බියෙන් ඇතැමුන් පැමිණිලි නොකර නිහඩව සිටින බවද ආරංචි මාර්ග වලින් පැවසේ.
ඇයට විශාල මුදලක් එක්රැස්වීම ගැන තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින අතර ඇය නැවත ලබන 19 වනදා අදිකරණය හමුවේ පෙනී සිටීමටද නියමිතය.