three-wheel-charges-not-change

පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.



ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.

දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය.

තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.



මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.

(නිමල කොඩිතුවක්කු)