විසි දෙහැවිරිදි තරුණියක රවටා ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අත්තර්ජාලයට මුදාහරින බවට බිය ගත්වා ඇය පිරිමින්ට අලෙවි කරමින් ජාවාරම් කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන යකැදුරෙකු බව කියන පුද්ගලයෙකු මම මස 25 වැනිදා දක්වා
යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා නියම කළේය.වාරියපොල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සිද්ධියට මුහුණදුන් තරුණිය රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මව විසින් පියාට විරුද්ධව වාරියපොළ අධිකරණය හමුවේ පවරා ඇති නඩත්තු නඩුවකට සහභාගිවීමට තරුණිය මව සමග වාරියපොළ අධිකරණයට පැමිණ ඇති බව පොලීසිය කියයි.
අධිකරණ භූමියේදී මව සහ සැකකරු හිතවත් වී තිබේ. අනතුරුව තම 22 හැවිරිදි දියණියට තරුණයෙකුගෙන් අතවරයක් වී ඇති බව මව සැකකරුට පවසා තිබේ. දේවාරූඪයෙන් පවුල් ආරවුල් විසදන බවත් අදුනක බලයෙන් තරුණියන්ගේ නැතිවූ කන්‍යා පටලය සකසන බවත් සැකකරු තරුණියගේ මවට පවසා ඇති බව පොලීසිය කීය. සකකරු මව ගෙන් දියණියගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගෙන ඇත.පසුව සැකකරු තරුණියට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා තිබේ. අඳුන් බලයෙන් කන්‍යාපටලය සැකසීමට නිරුවත් වීඩියෝ දර්ශනයක් අවශ්‍ය බව සැකකරු තරුණියට පවසා ඇතත් තරුණිය ඊට කැමැත්ත පළ කර නොමැත.
ඇමතුම ලබාගන් දේවාරූඪයෙත් බවත් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ හොත් අයට සහ පවුලේ අයට කරදර වන බව පවසමින් සැකකරු තරුණියව බියවද්දා ඇති බව පොලීසිය කීය. සැකකරු තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව තරුණියට සුදුසු රැකියාවක් ඇති බව පවසා තිබේ.
රැකියාවේ සම්මුඛ පරික්ෂණයට යමට යයි පවසා තරුණිය ගෙන්වා ගෙන ඇති සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් බියගන්වා අතවර කර තරුණියගේ තව තවත් නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අත්තජාලයට මුදාහරින බවට බිය ගන්වමින්
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ ස්ථානයක් කුලියට ගෙන තරුණියව පිරිමින්ට මුදලට අලවී කරමින් සිටියදී දිවුලපිටිය පොලිසිය මගින් එම තරුණිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්හඩංගුවට පත්වීමෙන් අනතුරුව තරුණිය ඉහත තොරතුරු පොලීසියට පවසා තිබේ. තරුණිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණ නියෝග මත ඇගේ මවට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.
( ගම්පහ ටෝණි කරුණානායක)
0 Comments