wedda-dna-colombo-university

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව හෙවත් වැද්දන් නමින් හදුන්වන්නේ මෙරට පැරැණිම ජන වර්ගයකි. විදෙස් ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ඔවුන් සොයාගොස් නැරඹීම පුරුද්දක් කරගෙන ඇත.
මේ වනවිට වැදි සමාජය ආශ්‍රිත වෙළෙඳපොළක්ද නිර්මාණයවී ඇති අතර වැද්දන් සමග ඡායාරූප ගැනීම  ඔවුන්ගේ උපකරණ පරිහරණය බේත් හේත් මිලට ගැනීම ආදිය තුළ මුදල් ගනුදෙනු සිදුවේ.
මේ නිසාදෝ වැද්දන් නොවන ඇතැම් පිරිස්ද ඒ ආසන්නයේ පදිංචිවී වැද්දන් ලෙස රඟපාමින් මුදල් ඉපැයීමට පුරුදුවී ඇත.
මොවුන් පිළිබඳ නවතම පර්යේෂණයක් සිදුකරන්නට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය පියවර ගෙන තිබේ.



ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් ඔවුන්ගේ සම්භවය තහවුරු කර ගැනීම සඳහා වැදි වංශයේ රුධිර සාම්පල ඊයේ දඹාන ආදිවාසී ජනතාවගේ උරුම මධ්‍යස්ථානයේ දී රැස් කරන ලදී. මෙම පර්යේෂණය සිදු කළ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය පවසන්නේ ඔවුන් අතර සමීප සබඳතා නොමැති පවුල් 50 ක් ඩී.එන්.ඒ. වැදි ප්‍රජාව සිටින්නේද යන්න තහවුරු කර ගැනීම වැඩසටහනේ අරමුණ බවයි.

ශිෂ්ටාචාරයට එක් නොවී වනයට සීමාවී සිටි ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම වැද්දන්ය. ආවේණික සංස්කෘතියක් ඇතත්, ගොවිතැනට හෝ එක් නොවී දඩයමින් පමණක් ජීවත් වූ මෙම ජන කොටස පසුගිය අවුරුදු සියය තුල දී සිංහල දෙමළ ජාතීන් සමග සම්මිශ්‍රණය වෙමින් ශිෂ්ටාචාරයට එක් වූහ. අද වෙසෙන්නේ වැද්දන් සුළු පිරිසකි. නායකයකු යටතේ ඒකරාශි වී සිටියත් අද ඔවුන්ගේ ජීවිත ආවේණික සිරිත් වලින් බැහැර වී ඇත. දුන්න, ඊතලය හා බැඳුණු තම සංස්කෘතිය අද ඔවුන් උපයෝගී කර ගන්නේ ප්‍රදර්ශනය සඳහා පමණි.


 වංස කතාවලට අනුව විජය කුවේණි දෙදෙනාගේ දරුවන් වූ ජීවහත්ත, දිසාලා දෙදෙනාගෙන් පුලින්දයන් නොහොත් වැදි ජනතාව බිහිවූ බව කියැවෙයි. එයින් පසු වැද්දන් පිළිබඳව පර්යේෂණාත්මකව සහ සානුකම්පිත දෘෂ්ටියකින් තොරතුරු සටහන් කළේ අපරදිග ලේඛකයෝය.
පෘතුගීසි ලේඛක පෙඩ්‍රෝටික්ෂීරි 1610 දී වැද්දන් පිළිබඳව සටහනක් තබා ඇත. එයින් පසු කපිතාන් හේඩ් රිබේරෝ 1681 දී ඔවුන් පිළිබඳව ලීවේය.
රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේ ද වැද්දන් පිළිබඳ ලිවීමෙන් පසු 1911 දී සී. ඒ. සෙලිග්මාන් වැද්දන් ගැන පොතක් ලියා පළ කළේය. වැද්දන් ඇසුරු කරමින් ඔවුන්ගේ ජීවිත ගැඹුරින් අධ්‍යයනය කර ලිපි ලේඛන නව ප්‍රබන්ධ රාශියක් ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ උපන් ඕලන්ද ජාතික වෛද්‍ය වරයකු වූ ආර්. එල්. පී . ජෝන් බේලි,හියු නෙවිල් හා එච්. පාකර් වැද්දන් ගැන ලියූ සෙසු බටහිර ලේඛකයෝය.
අපරදිග ලේඛක අවධානයට යොමුවන විට ශ්‍රී ලංකාවේ වැදි පිරිස නැගෙනහිර වෙරළාසන්න වන ගහනයන් තුළ විසූ බව පෙන්නුම් කරයි.
තොප්පිගල ප්‍රදේශය ආදිතම වැදි බිමකි. දඹන, මහියංගනය, බිබිල, දානිගල, නිල්ගල, කුඩුම්බිගල, යාල ආශ්‍රීත වන බිම් තුළ අවසාන යුගයේ ඔවුහු විසිර සිටියෝය.