world-cup-update

විස්සයි20 ලෝක කුසලානයේ ඒ කාණ්ඩයේ සියලුම තරග අද අවසන් වූ අතර ඒ අනුව තරග තුන බැගින් තරග කොට දෙක බැගින් ජයගත් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය සුපිරි 12 වටයට තේරිණි. එක බැගින් ජයගත් නැමීබියාව හා UAE තරගාවලියෙන් ඉවත්ව ගෙදර යන්නට සිදුවිය.
මේ දක්වා කිසිදු තරගයක් ජයගෙන නොතිබුණ UAE පිල අද නැමීබියාව පැරදවීම විශේෂත්වයකි. මුලින් පන්දුවට පහරදී UAE ලබාගත් කඩුළු 3 ට 148 ඉලක්කය ජයගන්නට නැමීබියාවට බැරිව ගිය අතර 141 ක් කඩුළු 8 කදී  ලබාගනිද්දී ඕවර 20 අවසන් විය. යම් හෙයකින් අද දින නැමීබියාව සිය දෙවන ජයග්‍රහණය අත්කරගත්තේ නම් ඔවුන් හා නෙදර්ලන්තය අතර සාපේකෂත්වය සලකා ඊළඟ වටයට යාමේ වැඩි වාසි නැමීබියාවට හිමිව තිබුණි.නමුත් ඔවුන්ට අද පරාජය සමග ගෙදර යන්නට සිදුවිය. ඔවුන් මෙම තරගාවලියට පැමිණ ලද එකම ජය ශ්‍රීලංකාව පැරදවීම වන අතර ඒවනවිට ආසියානු ශූරයන් ලෙස ලෝක කුසලානයට පිවිස පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පැරදවීම නිසා ඔවුන් ගැන විශාල කථාබහක් මතු විය.



මෙවර බී කාන්ඩයේ තරග තවම අවසන් නැති අතර එම තරග අවසන්වූ පසු ශ්‍රී ලංකාව ඊළඟට 23 ඉරිදා තරග කරන්නට නියමිත තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම සොයාගත හැකි වනු ඇත.
බී කාන්ඩයේ ලකුණු සාමාන්‍යය අතින් ඉදිරියේ සිටින්නේ ස්කොට්ලන්තය හා සිම්බාබ්වේ වන අතර අද (20) වන විට කොදෙව්වන් හා අයර්ලන්තයද ඇතුළු එම කාණ්ඩයේ සියලු රටවල් තනි තරගය බැගින් ජයගෙන තිබීම නිසා ඊළග වටයට තේරෙන කන්ඩායම් දෙක ගැන තවම ප්‍රකාශ කළ නොහැකිය. (පළමුව ජයග්‍රහණ අනුව ලැබෙන ලකුනුත් දෙවනුව සාමාන්‍ය අගයත් සලකා ඉදිරියෙන්ම සිටින රටවල් දෙක තෝරනු ඇත)
දැනට යාවත්කාල වී ඇති පොයින්ට්ස් ටේබල් පහතින්