world-cup-updates

ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (27) සිඩ්නිහි පැවති දකුණු අප්‍රිකාව හා බංගලිදේශය අතර තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගත්තේය. මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණු ගණන වූ 205 රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර ඩි කොක් (63) හා රොසොව් (109) අතර වාර්තාගත සම්බන්ධතාවය මෙම වැඩි ලකුණු ගණනට හේතුවිය. පිළිතුරු ඉනිමේදී බංගලිදේශ පිල 101  ක් ලබා පරාජය වූයේ 16 වන ඕවරයේදීය.



ඊයේ පැවති දෙවන තරගය ඉන්දියාව හා නෙදර්ලන්තය අතර සිඩ්නිහිදී පැවති අතර ඉන් ඉන්දියාව ජයගත්තේය. කඩුළු 2 ක් පමනක් දැවී ඉන්දියාව ලබාගත් 179 ට පිළිතුරු ලෙස නෙදර්ලන්තය ඕවර 20 අවසානයේ කඩුළු 9 ට 123 ක් පමණක් ලබාගත්තේය. රෝහිත් (53) කෝලි (62) හා සූරියකුමාර් (51) ලකුණු වැඩිපුර ලබාගත් අයයි.

ඊයේ පැවති තෙවැනි තරගය පකිස්තානය හා සිම්බාබ්වේ අතර පර්ත්හිදී පැවති අතර සිම්බාබ්වේ තියුණු ලෙස එක් ලකුණකින් ජයගත්තේය. මුලින් පන්දුවට පහරදී සිම්බාබ්වේ රැස් කරගත් ලකුණු 130 පසුකරයන්නට පෙර දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය 129 දී ඕවර අවසන් විය. අවසාන මොහොතේ කඩුළු 2 ක් පිටපිට වැටීයාම නිසා පකිස්තානය අභාග්‍යසම්පන්න ලෙස අතේ තිබුණ ජය අත්හැරියේය.

ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (28) පැවැත්වෙන්ට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන හා අයර්ලන්ත අතර තරගය මෙල්බර්න්හි අයහපත් කාලගුණය නිසා එක් පන්දුවක් හෝ නොයවා අතහැර දමා තිබේ. දෙපිලටම සම ලෙස එක් ලකුණ බැගින් එකතු විය.
අද සවස එංගලන්තය හා ඕස්ට්‍රෙලියාව අතර තරගය මෙල්බන්හි පවත්වන්නට නියමිතය.
හෙට (29) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය සිඩ්නි හි පවත්වන්නට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7 ට ඇරඹේ.



නවතම පොයින්ට්ස් ටේබල් පහතින්