world-cup-updates

ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (30) පැවති තරග වලින් බංග්ලාදේශය සිම්බාබ්වේ පරදා ලකුණු 3 ක ජයග්‍රහණයක්ද, නෙදර්ලන්තය පරදා පකිස්තානය කඩුළු 6 ක ජයක්ද ඉන්දියාව පරදා දකුණු අප්‍රිකාව කඩුළු 5 ක ජයක්ද වාර්තා කරන ලදි.
අද (31) බ්‍රිස්බෙන්හි පැවති තරගය ඕස්ට්‍රෙලියාව හා අයර්ලන්තය අතර පැවති අතර ඕස්ට්‍රෙලියාව ලබාගත් ලකුනු 175 ට පිළිතුරු ලෙස අයර්ලන්තය ඕවර 18.1 කදී ලකුනු 137 ක් පමණක් ලබා පරාජයට පත්විය.
මේ අනුව ලෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා තේරීම් කරන 1 කාන්ඩය හා 2 කාණ්ඩය වෙනස්කම් වලින් අලුත්වී තිබේ.


මේ වනවිට ශ්‍රී ලංකාවද ඇතුළත් 1 කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙන්නේ නවසීලන්තයයි දෙවැනි තැනට ඕස්ට්‍රෙලියාව අද ජයග්‍රහණයෙන් පසු තේරිණි.
2 වන කාන්ඩයේ දකුනු අප්‍රිකාව පෙරමුණ ගෙන තිබෙන අතර ඉන්දියාව දෙවැනි තැනට පත්ව තිබේ.

1 වන හා 2 වන කාන්ඩ වල මුල් තැන දෙක දිනාගන්නා රටවල් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර
ඉදිරියට පැවැත්වෙන තරග වලදී ලබාගන්නා පොයින්ට්ස් අනුව එය වෙනස්වීමටද ඉඩ ඇත.
ඉදිරි තරග මෙසේය.
Nov 01, Tue
Afghanistan vs Sri Lanka,Group 1, Brisbane
England vs New Zealand, 33rd Match, Group 1, Brisbane

Nov 02, Wed
Zimbabwe vs Netherlands, Group 2, Adelaide
India vs Bangladesh, 35th Match,Group 2, Adelaide

Nov 03, Thu
Pakistan vs South Africa,Group 2, Sydney

Nov 04, Fri
New Zealand vs Ireland, Group 1, Adelaide
Australia vs Afghanistan, Group 1, Adelaide

Nov 05, Sat
England vs Sri Lanka, Group 1, Sydney

Nov 06, Sun
South Africa vs Netherlands, Group 2, Adelaide
Pakistan vs Bangladesh, Group 2, Adelaide
India vs Zimbabwe,Group 2, Melbourne

අද ඔක්තෝබර් 31 පොයින්ට්ස් ටේබල් පහතින්