yala-jeep-incident

පෙරේදා (23) යාල ජාතික වනෝද්‍යානයට කැබිනට් ඇමැතිවරයකුගේ පුත්‍රයකු ඇතුළු පිරිසක් ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරුවූ අතර පසුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


පිරිස කණ්ඩායම් දෙකක් ලෙස යාල කලාප අංක 1ට සහ කලාප අංක 2ට ජීප් රථවලින්  ගිය බවද මඟ පෙන්වීමට වනජීවි නිලධාරීන් කිහිපදෙනෙකු ගිය බවද වාර්තා විය.
යාල කලාප අංක 1ට ජීප් රථවලින් ගිය පිරිස සිය වාහන මගින් ශබ්ද නංවමින් වනයේ සතුන්ට හිරිහැර වන පරිදි කටයුතු කර ඇති අතර ඔවුන් වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පිළිගෙන නොමැති බව පැවසිණි.
 මග පෙන්වීමට ගිය පිරිස මෙම සිද්ධිය පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවද වනජීවි අධ්‍යක්ෂ පැවැසුවේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම පිරිසගේ නොමනා හැසිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවය.

 වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජි ක යන් පිරිසක් සහ නිකවැරටි කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජික පිරිසක් මෙලෙස ජීප් රථ පදවා ඇති බවය.
මෙම පිරිස සමග වනජීවි සංරක්ෂණ නිලධාරීන් හත් දෙනෙකුද ගොස් ඇත.

වනජීවි නිලධාරීන් මග හැර ජීප් රථ කිහිපයක් සතුන්ට බාධා වන අයුරින් මෙලෙස හැසිරී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ වනජීවී ඇමැති මහින්ද අමරවීරපවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවයි.
මේ අතර අභ්‍යන්තර ආරංචි වලින් පැවසුනේ මෙම ජීප්රථ මෙලෙස පැමිණ ඇත්තේ ජීප් රථ අලුත්වැඩියා කරන ආයතනයක උවමනාවට බවයි. ඔවුන් වාර්ෂිකව අලුත්වැඩියා කර අවසන් කරන රථ මෙවැනි ස්ථානයකට ගෙනවිත් එහි ක්‍රීයාකාරීත්වය වීඩියෝවට නගා සිය ගනුදෙනුකරුවන් වෙත තත්ව පරීක්ෂණ වාර්තා ලෙස ඉදිරිපත්කරන බවත් ඒ උවමනාවට මෙම ක්‍රීයාවන් සිදුකර ඇති බවත්ය.