agency-man-arrested

මිල කළ නොහැකී ගජමුතු 4ක් රුපියල් කෝටි 6 ක මුදලකට අලෙවිකිරීමට තැත්කළ සැකකරුවන් සිවුදෙනකු මොණරාගල හෝටලයකදී පෙරේදා (14) සවස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යබළකාය පවසයි.

එම හෝටලයේ ගජමුතු ජාවාරමක් සිදුකරන බවට නාවික හමුදා බුද්ධි අංශ දුන් තොරතුරකට අනුව සියඹලාණ්ඩුව විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පෙරේදා සවස 5.30 ට පමණ මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.



කෑගල්ලේ පදිංචි පුද්ගලයකු මෙහි එක් සැකකරුවකු වෙත මෙම ගජමුතු හතර ලබා දී මොණරාගල හෝටලයකට රැගෙන යන ලෙසත්, එහිදී පැමිණෙන පුද්ගලයකුට එය බාර දෙන ලෙසත් දැනුම් දුන් බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එම සැකකරුගේ සහ ගජමුතුවල ආරක්ෂාවට සෙසු සැකකරුවන් දෙදෙනාද පැමිණ ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.


සැකකරුවන් තිදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 57, 56, 47 යන වයස්වල පසුවන පුද්ගලයන් බවද විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගජමුතු වැඩිදුර පරික්ෂණ සඳහා මොණරාගල පොලිසියට බාර දී ඇත.