UK-Sri-Lankans-business-partner-in-Dubai-took-100000-dollars-and-exchanged-with-his-wife

ශ්‍රී ලාංකිකයන් දෙන්නෙකුගේ ව්‍යාපාර ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය නඩුවක් ගොනුකර තිබෙන අතර ඩොලර් ලක්ෂයක මුදලක් වංචාකර එහි චූදිත ශ්‍රී ලාංකිකයා බිරියද සමග මේ වනවිට අතුරුදන් බවට වාර්තා පළවේ.


වාර්තාවන පරිදි සිදුවීම මෙසේය.


බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන චම්පික ද සිල්වා මහතා එරට සිට වාහන ආනයන ව්‍යාපාරයක් සිදු කරන්නෙකි. ඔහු ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙකු සමග හවුලේ ඩුබායි සිට බ්‍රිතාන්‍යයට වාහන ගෙන්වීම කලක් තිස්සේ කර තිබේ. ඇතිවූ විශ්වාසය මත වාහන ගෙන්වන්නටත් පෙර සිට මුදල් ගෙවූ පසු ඩ්‍රබායි සගයා එම මුදල් රැගෙන අතුරුදන් වූ බව චම්පික ද සිල්වා මහතා පවසන අතර ඔහු ඒ සම්බන්ධයෙන් ඩුබායිහි නීතිඥයෙකු මාර්ගයෙන් නඩුවක්ද ගොනු කර තිබේ.
 ඩුබායි හි ජීවත් වන ශ්‍රී ලාංකික ස්ටීව් රොබට් නමැත්තෙකුට ඩුබායි සිට වාහන කිහිපයක් මිලදී ගෙන UK වෙත ආනයනය කිරීම සඳහා USD 100,000 ගෙවා ඇති ඔහු අදාළ පුද්ගලපයාගේ බිරියගේ ගිණුමට මුදල් එවන ලෙස කර තිබූ ඉල්ලීම මත එම මුදල් යවා ඇත. පසුව මුදල් ලබා ගැනීමෙන් පසු ඩුබායි මිතුරා හා එම බිරිඳ අතුරුදහන් විය.
 ඩුබායි උසාවියේ උසාවි නඩුවක් ගොනු කළ පසු සිදුවූ අසාධාරණය ගැන පැමිණිළිකරුට පක්ෂව තීන්දුව ලබා දී ඇත. USD 100,000 ගෙවන ලෙස චූදිතයාට නියෝග කර තිබේ. කෙසේ වෙතත් තවම ඔහු ප්‍රතිචාර නොදක්වා සිතාසි භාර නොගෙන සැඟවී සිටින බව වාර්තාවේ.



මෙම තොරතුරු අප වෙත එවූ චම්පික ද සිල්වා මහතා මෙසේ කියයි.
‘මම මේ ලිපිය ප්‍රවෘත්ති වලට දාන්න කැමතියි. ඩුබායි වල මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට මේක අනිත් අයටත් හොඳ පාඩමක්. ඔහුව සොයා ගැනීමට මට ඩුබායි හි මහජන සහාය අවශ්‍යයි‘