බොලිවුඩයේ ජනප්රිය නළුවෙකු හා නිෂ්පාදකවරයෙකු වන ආමීර් කාන් කාලයක් තිස්සේ ප්රසිද්ධ අවස්ථාවන්ට එක්වූයේ නැතිව සිට චිත්රපට අධ්යක්ෂවරයෙකුගේ මවගේ අවමංගල උත්සවයක් සඳහා පසුගියදා පෙනී සිටියේය.
කිසිකලෙක ඔහු පෙනී නොසිටි ආකාරයට සුදු රැවුලකින් සිටි නිසා ඔහුව එම අවස්ථාවට එක්වූ රසිකයින්ට හරිහැටි අඳුනාගන්නට බැරිව ගියා යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.
අමීර්ගේ අවසන් චිත්රපටය වන ලාල් සිං චද්ධා අගෝස්තු මාසයේදී නිකුත් වූ අතර එය බොක්ස් ඔෆිස් හි සනිටුහන් කිරීමට අපොහොසත් අසාර්ථක නිර්මාණයක් විය. Netflix හි නිකුත් වූ මෙම චිත්රපටය ගැන සමාජයේ සංවාද කිහිපයක්ද ජනනය කර ඇත.
අධ්යක්ෂක අශුතෝෂ් ගෝවාරිකර්ගේ මවගේ අභාවයෙන් පසු ආමීර් කාන් මෙලෙස පෙනී සිටීම විවේචනයට ලක්වූ ඔහුගේ අවසන් චිත්රපටයෙන් පසු ඔහුගේ පළමු ප්රසිද්ධියේ පෙනී සිටීම වූ අතර එහිදී ඔහු සුදු රැවුලක් සහ මුහුණේ උඩු රැවුලද වවාගෙන සිටියේය. අවමංගලය අතරතුර ඔහු හඳුනා ගැනීමට රසිකයෝ අසමත් වූහ.
අමීරුත් වයසට යන කෙනෙකු බව පවසමින් රසික රසිකාවියන් කිහිප දෙනෙක් ට්විටර්හි ඡායාරූප පෙන්වමින් විවිධ අදහස් දක්වා තිබුණි.
මීට පෙර දංගල් චිත්රපටයේ අළු රැවුලක් ඇති ඔහුගේ ඡායාරූපයක්ද අන්තර්ජාලයට එක්විය.
0 Comments