advisor-arrested-immigration

කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ යුරෝපීය රටවල්වලට අධ්‍යාපන කටයුතු සදහා යොමු කරන බව පවසා රුපියල් කෝටි ගණනාවක මුදල් ලබාගෙන එම මුදල් වංචා කළ අධයාපන උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පවසයි.

සැකකරුට එරෙහිව මාස 03ක් තුළ පමණින් පැමිණිලි 03ක් ලැබී ඇති බවත්, ඒගින් ඔහු වටා කර ඇති මුදල රුපියල් 5,814,800ක් බවත් පොලිසිය පැවසීය. මීට අමතරව මෙම සැකකරුට විරුද්ධව මෙවැනි ආකාරයේ පැමිණිලි 33ක් 2010 වසරේ සිට විවිධ පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති බවත්, එමගින් ඔහු වංචා කළ මුදල්වල වටිනාකම රුපියල් කෝටි ගණිකාවක් බවට කරුණු අනාවරණය වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

කැනඩාවට හෝ ඔස්ට්‍රේලියාවට වැඩිදුර අධ්‍යාපනය සදහා යොමු කරන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හැදෑරූ සිසුවෙකුගත් රුපියල් 2,735,000ක මුදලක් ලබාගත් සැකකරුවෙකු පදිංචියද මග හැර සිටින බවට එම සිසුවා පසුගිය අගෝස්තු මස 22වැනිදා කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ගත ආරම්භ කළ බව පොලිසිය පැවසීය.ඒ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටියදී එම සකකරු සම්බන්ධයෙන් ඒ ආකාරයේ තවත් මූල්‍ය වංචා පැමිණිලි 02ක් ලැබුණු බව පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද රහසිගත තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, 61 හැවිරිදි සැකකරු කොටුව මහේන්සේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)