යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිංසා වන පරිදි ජීප් රථ ධාවනය කළ පිරිස අතර සිය සහෝදරයකුගේ පුතකු සිටින බවට මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත්, ඒ අනුව කාට වුණත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස වනජීවි නිලධාරීන්ට දැනුම් දුන් බව වනජීවි හා වන සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවසීය.
වනජීවි නිලධාරීන් සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමේදී අදාළ පිරිස අතර සිය ඥාති පුත්‍රයාද සිටින බව අනාවරණය කරගෙන තිබෙන නමුත් ඔහු එදින වාහන පදවා නොමැති බව හෙළිදරව්වී තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.
“මම කිව්වා ඔහුත් අධිකරණයට ඉදිරිපත් කර න්න කියලා. මගේ පවුලේ සහෝදරයන් හය දෙනකු සිටිනවා. ළමුන් විතරක් 14 ක් ඉන්නවා. මේ අතරින් එක් අයෙකු යාල ගිහින් තිබෙනවා. නමුත්, ඔහු වාහනයක් අරන් ගිහිල්ලා නෑ. මගේ තියා කාගේ වුණත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නා.“ යැයිද ඇමැතිවරයා පැවසුවේය.
සතුන්ට බාධා වන පරිදි ධාවනය කළ වාහන 32 පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
0 Comments