arjuna-ranatunga-dhanushka

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති රැස්වීමකින් අනතුරුව හිටපු නායක අර්ජුන රණතුංග මෙසේ අදහස් දක්වා තිබුණි.

‘අපි කතාවුනේ ධනුෂ්ක ගැන මේ ප්‍රශ්නෙදි කොහොමද අපි එයාට සහයෝගය ලබන දෙන කියලා.. මේක වැරදියට ගන්න එපා අපි කියන්නේ මේකරපු වරදට සහ සහයෝගය දීමක් නෙමෙයි..වරද නීතියානුකූලව යනවා.. නමුත් අපි අනිත් පැත්තෙන් රටක් නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකයෙක් හැටියට ඒ වගේම  කාගෙ හරි අහිංසක දරුවෙක් ඒ දරුවාට කොයි විදියට ද සහයෝගය ලබල දෙන්න කියලා තමයි ඇමතිතුමා එක්ක සාකච්ඡා කරේ.

 ඊට අමතරව මේ සංචාරය වෙච්ච හුඟක් දේවල් ගැන කතා කරා දැන් ඒගැන හොයාගෙන යනවා. රැස්වීමකුත් කැඳෙව්වා.


ඒ කාලේ මෙහෙම වුනේ නැහැ. ඒකට හේතුවුනේ ටීම් එකේ නායකය හැටියට මං විතරක් නෙමේ. සම්පූර්ණ පද්ධතියෙම විනයක් තිබුණ නිසා.
ඒකාලෙ එහෙම වෙන්න දෙන්නෑ නේ.. ක්‍රීඩකයින්ට එක එක ආසාවල් තිබුණත් පරිපාලනය තියෙන්න ඕන ඒ හැම එකටම ලිහිල් බවක් නැති විදිහට. ක්‍රීඩකයින්ට නීති පිලිපදින ක්‍රමයක් ක්‍රිකට් පරිපාලනයේ සිට ගොඩනැගෙන්න ඕන.
 පරිපාලනය හරි විදියක් නැතුව ක්‍රීඩකයන්ගේ විනය හදන්න බෑ නේ.. මං හැමදාම කියන දෙයක් ඕක.. දැන් අපේ ඇමතිතුමාට ඒක තේරිල තියෙනවා.
සමහර ක්‍රීඩකයෝ කැසිනෝ ගහන්න ගිහින්  සමහර ක්‍රීඩකයෝ තමන්ගේ endorsement කරනවා කඩවල් අරින්න ගිහින් එහේදි. තවත් අය ගෙවල් විකුණන්න ගිහින්. මං දැක්ක පාටි 16 කට ගියා කියල මාධ්‍යයේ තියෙනවා. මේ වගේ දේවල් දැක්කම ක්‍රිකට් තරගාවලියට ගියාද නැත්නම් වෙන වැඩවලට ගියාද ගියන එක තමයි හිතෙන්නෙ.
මට නං ඕක කලින්ම තේරුණා. මං කිව්වා අපේ අයගෙ අරමුණු වෙනස් වෙලා කියලා.ආසියානු කුසලානය දිනල ආවට පස්සේ ප්‍රැක්ටිස් කරන්න නොගිය එක ගැන මං කිව්වා. ඒවයෙ අඩුපාඩු පරිපාලනය භාරගන්න ඕන..


මෙයා කාගෙවුණත් දරුවෙක්. දුප්පත් පවුලකින් ආපු දක්ෂ ක්‍රීඩකයෙක් ඉස්සෙල්ල මෙයා ගැන බලන්න ඕන. මෙයාට කලින් විනය ප්‍රශ්න ආපුවාම වසර 2 කට දඩුවමක් දුන්නා. නමුත් ඒකත් මාස 6 න් ඉවත්කරන්න පරිපාලනය තමයි උදව් කරේ. විනයක් හදන්න නං කාටත් එකවගේ දඩුවම් දෙන්න ඕන.. නිසි දඩුවමක් ලැබෙන බව තේරුණාම ක්‍රීඩකයො බයවෙනව විනය කඩන්න.ඒගොල්ලො හැදෙනවා. මෙතැන දඩුවමක් ගැන බයක් නැති නිසා එක්කෙනෙක් විතරක් නෙමෙයි හැමෝම බය නැතිව වැරදි කරලා බව පේනවා. මේව පරිපාලනයෙ වැරදි.‘