සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අභිජනන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ එළුවන් 100 දෙනකු අතුරින් විසිඑක් දෙනකු 2021 වර්ෂයේදී මියයැම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවූ බව
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එම එළුවන් 2019 වසරේදී ගෙන්වා ඇති විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් විසිතුන් ලක්ෂයකට වැඩි මුදලක් ඒ සදහා අමතරව ගෙවීමට සිදුවී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.
මෙසේ හදිසියේම මියගොස් ඇතැයි පැවසෙන්නේ පිරිමි සතුන් පස්දෙනකු සහ ගැහැණු සතුන් දහසය දෙනෙකි. අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පෙර මියයෑම හේතුවෙන් මේ සතුන් සදහා එතෙක් දරන ලද ආනයනය හා නඩත්තු වියදම් ඵලදායි නොවන බව නිරීක්ෂණය වූයේ යැයිද විගණන වාර්තාවේ සදහන් වේ.මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් කළ විමසුමකදී සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් වරද පිළිගෙන ඇත.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ජාතික විගණන කාර්යාලය ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයි විගණන වාර්තාවේ දැක්වෙයි.
නිමන්ති රණසිංහ
0 Comments