බොලිවුඩ් නිළි බිපාෂා බාසු සහ ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් ඔවුන්ගේ පළමු දරුවා පිළිගෙන ඇත. බිපාෂා සෙනසුරාදා ගැහැණු ළමයෙකු බිහි කළාය. මෙම යුවළ ඔවුන්ගේ අලුත උපන් බිළිඳාගේ නම සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කළේ ‘දේවි බාසු සිං ග්‍රෝවර්‘යනුවෙනි.



මෙම යුවළ මෙම පුවත සමාජ මාධ්‍යවල බෙදා ගැනීමත් සමඟ ඔවුන්ගේ මිතුරන් සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සගයන් ඔවුන්ට සුබ පතා තිබේ.
ඉන්ස්ටග්‍රෑම් හි ඇගේ ගැබ් ගැනීම නිවේදනය කරමින්, යුවළ මීට මාස කිහිපයකට පෙර ලියා තිබුණේ, “නව කාලයක්, නව අවධියක්, නව ආලෝකයක් අපගේ ජීවිතයේ ප්‍රිස්මයට තවත් අද්විතීය සෙවනක් එක් කරයි...

ඉක්මණින් දෙන්නෙක් වෙලා හිටපු අපි දැන් තුන් දෙනෙක් වෙනවා." යනුවෙනි.

බිපාෂා බාසු සහ ඇගේ සැමියා කරන් සිං ග්‍රෝවර් ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින කාලයේ එය නිවේදනය කිරීම සඳහා විශේෂ ගර්භණී ඡායාරූප රූගත කිරීමක් කළා පමණක් නොව, ඒවා ඔවුන්ගේ රසිකයන්  සමග බෙදාහදා ගෙන තිබුණි. කෙසේ වෙතත්, බිපාෂාගේ අඩු ඇඳුම් ඡායාරූප වලට අයහපත් අදහස් ලැබී තිබුණි.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, බිපාෂා කියා සිටියේ තමාට නිෂේධනාත්මක අදහස් රාශියක් එල්ල වූ නමුත් තමන්ගේ සතුට තමාට හැඟුණු ආකාරයට පළ කළ බවයි. සෑම කෙනෙකුටම තමන්ගේ මතයට හිමිකම් ඇති බවත්, එය ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතියට ගරු කරන බවත් ඇය පැහැදිලි කළාය.

බිපාෂා සහ කරන් 2016 වසරේ බෙංගාලි සම්ප්‍රදායික විවාහ උත්සවයකදී විවාහ විය. ඔවුන්ගේ පළමු දරුවා විවාහයෙන් වසර 7 කට පසු ඉපදීම ඉමහත් සතුටක් ගෙනදී ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිනි - Gossiplankanews.com)