වර්තමානයේ බොහෝ මිනිසුන්ගේ ජීවිතය ඉතා කාර්යබහුලයි. එක්කෝ බොහෝ දෙනාට ව්‍යායාම කිරීමට කාලය නොලැබේ, නැතහොත් වැඩිදෙනෙකු එයට උනන්දුවක් නැත. ඔබටත් එවැනි තත්වයක් තිබේ නම් සිඩ්නි විශ්ව විද්‍යාලය ඔබට සුභ ආරංචියක් ගෙනවිත් තිබේ. නව අධ්‍යයනයකට අනුව, සෑම සතියකම මිනිත්තු 10 ක දැඩි ව්‍යායාමයක් ඔබට දිගු ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ.
මෙම පර්යේෂක කණ්ඩායම බ්‍රිතාන්‍යය තුළ මෙම පර්යේෂණය සිදු කළේ UK Biobank හි පුද්ගලයින් 70,000 කට වැඩි පිරිසකගේ දත්ත විශ්ලේෂණයකිනි. වයස අවුරුදු 40 ත් 69 ත් අතර වූ පිළිකාවක් හෝ හෘද රෝගයක් නොතිබුන අධ්‍යයනයට සහභාගී වූ සියලුම දෙනාට ක්‍රියාකාරකම් ඉබේ සටහන් කළ හැකි ට්‍රැකරයක් පැළඳීමට ඉල්ලා තිබුණි. මේ සමඟ සතියක කාලයක් ඔවුනගේ ශාරීරික චලනය පිළිබඳ තොරතුරු රැස්කර තිබේ.
විද්‍යාඥයින් පසුව සියලුම සහභාගිවන්නන්ගේ සෞඛ්‍ය වාර්තා විශ්ලේෂණය කළහ. ඔවුන් වසර 7 ක් තිස්සේ පරීක්ෂාවට ලක්විය.
මෙම කාලය තුළ ඔවුන්ගේ දැඩි ව්‍යායාම, පිළිකා සහ හෘද රෝග වැනි බරපතල රෝග සහ මරණයට ඇති හැකියාව අතර සම්බන්ධය නිරීක්ෂණය කරන ලදී.
එහිදී ලැබුණ ප්‍රතිඵල විශ්මිතය. විවේකයෙන් සිටිමින් හෝ වැඩිපුර වේලා ගත කරමින් ව්‍යායාම කිරීම වෙනුවට කෙටි වෙලාවක් දැඩි ලෙස ව්‍යායාම කිරීමෙන් මිනිසුන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු වන බව විද්‍යාඥයන් සොයා ගත් බව ප්‍රතිඵල එළිදක්වමින් පර්යේෂකයින් පවසා තිබේ. ඔබ කෙටි කාලයක් සඳහා වේගයෙන් ව්‍යායාම කළොත් ඔබට ප්රතිලාභ ලැබෙනු ඇත. කිසිදු ව්‍යායාමයක් නොකළ අධ්‍යයනයේ යෙදී සිටින පුද්ගලයින්ට ඉදිරි වසර 5 තුළ මියයාමේ අවදානම 4% කි. ඒ අතරම, සතියකට විනාඩි 10 ක් දැඩි ව්‍යායාම කරන අයගෙන් මෙම අවදානම 2% ක් සහ විනාඩි 60 ක් ව්‍යායාම කරන අයගෙන් 1% ක් බව සොයා ගන්නා ලදී.
ඒ අනුව විද්‍යාඥයින් යෝජනා කරන්නේ Agile Workout කරන්නටය. එයින් අදහස් වන්නේ කුමක්ද?
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සමීක්ෂණයට අනුව,
දැඩි ව්‍යායාම යනු පුද්ගලයෙකුගේ හුස්ම ගැනීම වේගවත් වන ඕනෑම ශාරීරික ක්‍රියාකාරකමක් වේ. එවැනි ක්‍රියාකාරකමක යෙදෙන පුද්ගලයාට එකවර වචන කිහිපයක් පිට කිරීමට නොහැකි වන අතර නැවත කතා කිරීමට ඒ අතර හුස්මක් ගනී. මෙයට උදාහරණ ලෙස පිහිනීම, කඳුකරයේ බයිසිකල් පැදීම, පඩිපෙළ නැගීම ආදිය ඇතුළත් වේ.
අඩුම තරමින් සතියකට විනාඩි 10 ක් දැඩි ව්‍යායමයක යෙදෙන්න. එය ඔබට දීර්ඝායුෂ ලබාදෙනු ඇත. යන්න පර්යේෂණ නිගමනය තුළ සටහන්ව ඇත.
0 Comments