evidence-of-ancient-lakes-in-the-sahara-desert-discovered

අප්‍රිකාවේ පිහිටි සහරා යනු ලොව විශාලතම කාන්තාරයයි. වර්ග සැතපුම් මිලියන 3-1/2 ක සහරා එක්සත් ජනපදය තරම් විශාල වන අතර අප්‍රිකානු මහාද්වීපයෙන් තුනෙන් එකක් ආවරණය කරයි.
මීට  වසර 8,000 සිට 10,000 දක්වා කාලයකට පෙර විශාල දේශගුණික විපර්යාසයක් සිදු වූ අවස්ථාවක සහරාව කාන්තාරයක් බවට පත් වූ බවට සාක්ෂි තිබුණි. මෙය සිදුවීමට පෙර, මෙම කලාපය පුරාණ ශිෂ්ටාචාරයක් හා ජනාවාස තිබී ඇත, විද්‍යඥයින් තවමත් ඒ ගැන විශාල තොරතුරු රැස් කර නැත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 58 දක්වාත්, ආර්ද්‍රතාවය 2% තරම් අඩු වීමත් පෙන්නුම් කරන මෙම ස්ථානය කලක් හරිත පාරාදීසයක් වූ බව සිතීම පවා දුෂ්කර ය.


කෙසේ වෙතත්, පෘථිවියේ උණුසුම්ම සහ වියළිම ස්ථානවලින් එකක් වන සහරා, මීට වසර 10,000 කට පෙර ජීවත් වීමට අපූරු ස්ථානයක් විය.

හරිත සහරා වන සතුන්, තණකොළ, ගස් සහ මාළු පිරුණු විල් වලින් පිරී ගිය සවානා වනාන්තරයකි. සහරා කාන්තාරයේ ඉපැරණි විල් පැවති බවට විද්‍යාඥයින් නවතම සාක්ෂි සොයාගෙන ඇත.

පැලියොලිම්නොලොජි සඟරාවේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අතීත දේශගුණයේ විචල්‍යතාව අවබෝධ කර ගැනීමෙන් සහරා අනාගතයේදී වෙනස් විය හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවයි. මානව උනුසුම් වීම හේතුවෙන් පසුගිය උණුසුම් කාලපරිච්ඡේදයට සමාන තත්වයන් වෙත නැවත පැමිණීමට හැකි වේ.

ඇල්ජීරියාවේ උතුරු සහරා ප්‍රදේශයේ මීට වසර 10,000 ත් 5,000 ත් අතර කාලයකට පෙර පැරණි විල් පැවති බවට  විශේෂයෙන් සාක්ෂි ලැබී ඇති බවත් ඊට පදනම් වන්නේ වසර මිලියන ගණනකට පෙර වැලි වලින් සොයාගත් සහ ජලජ පරිසරයේ තැන්පත් වූ ෆොසිල ඇල්ගී විශ්ලේෂණය බව Umea විශ්ව විද්‍යාලයේ Christos Katrantsiotis පවසයි.



Christos Katrantsiotis තවදුරටත් පවසන්නේ  හරිත සහරා හෝ අප්‍රිකානු ආර්ද්‍රතා කාලය පෘථිවි කක්ෂයේ පරාමිතිවල වෙනස්වීම් හේතුවෙන් වසර 11,000 කට පමණ පෙර ආරම්භ වූ පෘථිවියේ අවසාන උණුසුම් කාල පරිච්ඡේදයේදී (Holocene) පැවති බවයි.

සහරා කාන්තාරයේ ගැඹුරු, මධ්‍යධරණී වෙරළට බොහෝ ඈතින්, අද සම්පූර්ණයෙන් ම වියළී ගිය ප්‍රදේශයක පැරණි විල් පැවති බවට මෙම ලිපිය සාක්ෂි සපයයි. එහෙත් අතීතයේ එය සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක් වූ වැව් හා ගස්වැල් සහිත පරිසරයකි.

පෙර අධ්‍යයනයන්, Christos Katrantsiotis පවසන පරිදි, සහරාහි මෙම තෙත් කාලය සඳහා හේතුව ප්‍රධාන වශයෙන් කක්ෂීය බලකිරීම්වලට ප්‍රතිචාර වශයෙන් නිවර්තන කලාපවලින් ගිම්හාන මෝසම් වැසි ව්‍යාප්ත වීම බව පෙන්වා දී ඇත.