Dhanushka-had-an-income-of-43-lakhs-per-month---detained-in-the-toughest-reservist-prison

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට හසුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුව රඳවා ඇත්තේ වයඹ දිග ඕස්ට්‍රේලියාවේ දුෂ්කරම බන්ධනාගාරවලින් එකක් වන සිඩ්නි හි Parklea බන්ධනාගාරයේ බව වාර්තාවේ.
වරදට හසුවීම නිසා ශ්‍රී ලංකා පිල සමග නැවත ලංකාවට යන්නට බැරිවූ පසු ඔහුගේ කළමනාකරු සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් තවමත් සිඩ්නිහි සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටින අතර එම ස්ථානයට කිලෝමීටර් 35ක් බටහිරින් පිහිටි බන්ධනාගාරයට පසුගිය අඟහරුවාදා ධනුෂ්ක බලන්නටද ඔවුන් ගොස් තිබේ.



ධනුෂ්ක හා සිඩ්නි තරුණිය අතර මෙම නඩු නිමිත්ත විවිධාකාරයෙන් අර්ථ කථනය වේ. ඇතැමුන් පවසන්නේ ධනුෂ්ක රැවටීමකට ලක්කරමින් ඇය ඔහු වරදට පොළඹවාගෙන පසුව ඔහුගෙන් විශාල වන්දි මුදලක් ලබාගැනීමට මෙම නඩුව පනවා ඇති බවයි. ඕස්ට්‍රෙලියාවේ සංශෝධිත ස්ත්‍රී දූෂණ අපරාධ නීතිරීති අනුව දූෂණයට ලක්වූ බව කියන කාන්තාවකට වැඩි වාසි පවතින බවත් ඇයගේ සාක්ෂිය ඔප්පු කරන්නට ඇතැම්විට සරල හේතු ප්‍රමාණවත් බවත් පැවසේ.

ඔවුන් මුණ ගැසෙන්නේ ටින්ඩර් නමැත් ඇප් එක ඔස්සේය. එහි ධනුෂ්ක සිය නමින්ම පෙනී සිටින අතර මාසිකව ඩොලර් 60 පමණ ගෙවා ප්‍රිමියම් සාමාජිකත්ව ගිණුමක් ලබාගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇත. නොමිල සාමාජිකත්වයට වඩා වැඩි වාසි ඇති එම ගිණුමින් ඔහුට කාන්තාවන් ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමට මෙන්ම අවශ්‍ය පරිදි තමන්ගේ තොරතුරු සීමා කිරීමට ප්‍රොෆයිල් ලොක් කිරීමට අවස්ථාව සැලසේ. සම්පූර්ණ ඩේටින් ඇප් එකක් ලෙස හැඳින්විය හැකි ටින්ඩර් තුළ පිරිමියෙකුට තමන් සිටින ස්ථානය ආසන්නයේ ඒ මොහොතේ ඇප් එක සක්‍රීයව භාවිත කරන කාන්තාවන් පහසුවෙන් හඳුනාගත හැකි අතර ඔවුන් සමග චැට් කිරීමට ඇමතුම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි. අවශ්‍ය නම් ඕනෑම තැනක කෙනෙකු හඳුනාගැනීමටද ප්‍රිමියම් සාමාජිකත්වය යටතේ ඉඩ සලසයි.


ධනුෂ්ක සිඩ්නිහි සිටි ඇය හා මිතුරුවන්නේ බ්‍රිස්බෙන්හි සිටියදීය. සිඩ්නි වෙත ඔහු පැමිණි පසු ඇය හා මුණගැසීමට අපේක්ෂාවක් තිබුණ බව ඒ අනුව පෙනේ. මුණගැසීමට කාන්තාවට ආරාධනය කරන්නේ ධනුෂ්කය. රාත්‍රී අවන්හල්වල ගතිරීමෙන් පසු දෙන්නාම නිවසට යන්නට තීරණය කරන අතර ඒ ගමන යාමට පෙර ඔහු සමග ‘ලිංගික එක්වීමක‘ ඉඟියක් ඇයට නොලැබුණා යයි පැවසීම දුෂ්කරය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ධනුෂ්ක ගුණතිලකගෙන් විවිධ ආකාරයට අදාළ සිදුවීම ගැන හාරාවුස්සා ඇති අතර කාන්තාව කියූ ඇතැම් කරුනු හා සමාන දේවල් ඔහුද කියා තිබෙන නමුත් ලිංගික එක්වීම ඇයගේ කැමැත්තට සිද්ධවූ බව පමණක් ධනුෂ්ක ඇයට පරස්පර ලෙස පවසා තිබුණි.
කාන්තාව විමසීමේදී කියන්නේ තමන්ගේ අකමැත්තෙන් එය සිද්ධවූ බවයි. නමුත්
කාන්තාවගේ ප්‍රකාශයේ මුලසිට අගට බලද්දී ඇය ලිංගික එක්වීමක් නිශ්චිත ලෙස ප්‍රතික්ෂේප කර නැති බව පෙන්නුම් කරන අතර ඇය බියට පත්ව ඇත්තේ අනාරක්ෂිත එක්වීමක් සිදුවීම නිසා හා ඔහුගේ බලහත්කාර කඩාවැදීම සම්බන්යෙනි.

ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවට ගෙන ආ පසු පොලිසිය කරුණු දක්වමින් ඔහුට ඔස්ට්‍රේලියාවේ කිසිදු සබඳතාවක් නොමැති බවත්, තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන අයකු බවත්, ඔහුට මසකට ඇමරිකානු ඩොලර් 12,000ක් (රුපියල් 43 ලක්ෂයක් පමණ) ලැබෙන බවත් පවසා තිබුණි.
ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදා හැරියහොත් රටින් පැනයාමේ අවදානමක් ඇතැයිද  පොලිස් විමර්ශකයෝ පැවසූහ.
ඒ අනුව සඳුදා මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ක්‍රීඩා තරුවගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අගහරුවාදායින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ධනුෂ්කව රැකිය යුතුය යන දැඩි තීරණයක සිට මෙරට සිට වැඩ කරන අතර ඕස්ට්‍රෙලියාවේ මිල අධික නීතිඥ සමාගමකට වැඩේ භාර දුන්නේය. ඔවුන් ඉගි කරන්නේ ධනුෂ්ක ඉදිරියට වරද පිළිනොගන්නා බවයි.