පොළොස් ගෙඩියක් කැඞීමට පොල් වත්තකට ගිය අවිවාහක කතක මරා සිරුර පොහොර බෑගයක දමා, මාතලේ මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක කැලෑවක දමා තිබියදී ඊයේ (27) පෙරවරුවේ සොයා ගත් බව මහවෙල පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොල, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නමැති පනස් පස් හැවිරිදි අවිවාහක කාන්තාවක බව පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාව මානින්ගමුව ප්‍රදේශයේ පොල් වත්තක් බලාකියා ගන්නා බවත් ඇය ඉකුත් 26 වැනිදා සවස පොල්වත්ත පරීක්ෂා කොට පොළොස් ගෙඩියක් කඩා ගැනීමට ගමන් කරමින් සිටියදී මෙම අපරාධය සිදුවන්නට ඇති බවත් මියගිය කාන්තාවගේ සහෝදරයකු වන ආර්. ජී. ගයාන් වික්රමපාල නමැති අය පොලිසියට පවසා ඇත. මෙම කාන්තාව එදින පස්වරුවේ නිවසට නොපැමිණීම නිසා නිවැසියන් ප්රදේවාසීන් එක්ව ඇය සොයා ඇති නමුත් සොයා ගැනීමට නොහැකි වී ඇත.
අවට පොල්වතු සහ සහ කැලෑබද ප්‍රදේශ පීරමින් සෝදිසි කළ බවත් එහිදී ඇයගේ සිරුර ඇඳුම් ඉවත්කර නීතිඥවරයකුට අයත් පොල් ඉඩමක කැළෑවක පොහොර උරයක බහා තිබියදී සොයාගත් බවත් කාන්තාවගේ සහෝදරයා පොලිසියට ප්‍රකාශ කර ඇත. එම ස්ථානයේ තිබී කාන්තාවගේ ඇඳුම් කීපයක් සොයාගත් බවත් සිගරට් පෙට්ටියක කොටස් සහ සැකකටයුතු තවත් යම් යම් දෑ සොයා ගැනීමට හැකි වූ බවත් මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න මහතා පැවසීය. මෙම කාන්තාව ඉකුත් 26 වැනිදා පොල්වත්තට යන අතරතුරදී හමු වූ පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් පුද්ගලයකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල මහේත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කරයි.මෙම කාන්තාව ගමේ සියලු දෙනා සමග ඉතා ආදරයෙන් සමීපව කටයුතු කළ අහිංසක තැනැත්තියක බව ප්‍රදේශවාසීහු කියති. සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කාංචන කුමාර ආරියදාස
0 Comments