දකුණු පළාතේ එක්තරා නගරයක පාසලක් අසල තිබූ ආපන ශාලාවකි. හොඳින් හැඳ පැළඳගත් වැදගත් යැයි සිතිය හැකි තිදෙනකු මෙම ආපන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ලබා ගන්නා අටියෙනි. ඉඩ පහසුකම් තිබූ තැනක් බලා මේසයක් වටා හිඳගත් ඔවුන් හට දැකගත හැකි වූයේ තම මේසයේත් අවට මේසවලත් වටපිටාවෙත් කරක් ගසන මැසි කැලකි. වරෙක මැස්සෝ අසල මේසයට ගෙනැවිත් තිබූ ආහාරවල වසති. තවත් වරෙක සිමෙන්ති පමණක් අතුරා ඇති පොළොවෙහිද තවත් වරෙක පැමිණ සිටි අයගේ ශරීරයෙහිද ලැගුම් ගනිති.මෙම ස්ථානයෙහි ඇති අපිරිසුදු බව තේරුම්ගත් එක් අයකු පැවසුවේ අපි වෙන කඩයකට යමු කියාය.
ඒත් අනෙක් අය පැවැසුවේ මේ වෙලාවේ තවත් තැන් හොයන්න බැහැ මෙතැනින්ම කාල යමු යනුවෙනි.
පැමිණි එක් අයකු වේටර් ළමයා අමතා දරුවා මේ මේසයේ හරියට මැස්සන් වහනවානේ කියනවාත් සමගම පොඩ්ඩක් ඉන්න සර් කියමින් ප්‍රසිද්ධ මැසි මදුරු නාශකයක් ගෙනැවිත් මේසය පුරා ස්ප්‍රේ කර හැරියේය. ඉන්පසු ඔහු දැන් හරියි කියමින් මේසය මතට ආහාර පාන ගෙනවිත් තැබුවේ කිසිම ගානක් නැතිවය. මෙයින් මවිතයට පත් ඔවුනොවුන් මුහුණට මුහුණ බලා නැගී සිට හොටෙල් හිමියා හමු වී මේ බව පැවසුවේය. බය වෙන්න එපා මහත්තයෝ අපි එදා ඉඳලම මැස්සන්ට දැම්මේ මේ දියර තමයි. ඔහු ද ඊට උත්තර දුන්නේ කිසි ගණනකට නැතිවය. ඒ වුණාට බලන්න මුදලාලි මේවයේ තිබෙන්නේ වසනෙ.
අනෙක මේ කඩයට ගොඩක්ම එනනේ පාසල් දරුවන් නේද? මෙයින් කේන්ති ගත් ඔහු ඔහේලට ඕනෑ නම් කන්න, නැත්නම් යන්න යනුවෙන් පවසනවාත් සමග පැමිණ සිටි අමුත්තකු බෑගයෙන් පොතක් ගෙන එහි යමක් සටහන් කර මුදලාලි අත තැබීය. අපි දන්වන දවසට උසාවියට එන්න යැයි ඔහු පැවසීය. අතට ගත් කඩදාසිය කියවා බැලූ ඔහුගේ ඉහමොළ රත් වූවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිල මුද්‍රාව දැකීමෙනි.
විශ්ව කේ. අජිත්
0 Comments