danushka-bail--politicians

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිඩ්නි නුවරදී ඊයේ දෙවනවරට ඇප ලබාගන්නට වූ උත්සාහය ප්‍රතික්ෂේප විය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව බ්‍රිස්බේන් හිදී ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයෙන් දිනකට පසු සිඩ්නිහිදී මෙම සිද්ධිය සිදුව තිබේ.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් පැය කිහිපයකට පසු කණ්ඩායම ඔවුන්ගේ බෑග් අසුරා ගැනීමට සිඩ්නිහි සසෙක්ස් වීදියේ හෝටලයට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. කණ්ඩායම ඉරිදා අලුයම 3:30 ට හෝටලයෙන් පිටත් වීමට නියමිතව තිබුණි. අලුයම 1 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.



ඇප ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ධනුෂ්ක නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටින අතර ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතීඥයෝ අදහස් කරති. විදේශිකයකු වීම මත ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර පොලිසිය අධිකරණයට ලබාදුන් ඉහත කී සිඩ්නි ලිපිනයේ ක්‍රීඩකයා සිටින බවට සහතික විය නොහැකි බවට අධිකරණයට තර්ක කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ලැජ්ජා සහගත සිදුවීමෙන් ඈත්වීමට මුලදී දැඩි තීරණයක් ගෙන තිබුණද, ක්‍රීඩකයන්ගේ නීතිමය වියදම් දරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර SJB සමඟ සිටි තවත් ප්‍රකට දේශපාලනඥයෙකුද ධනුෂ්කට ඇප ඉල්ලා අභියාචනා කිරීමට සිඩ්නි ලිපිනයක් දීමට උදව් කර ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ සිඩ්නි ලිපිනයක් ලබාගැනීමට ප්‍රසිද්ධ ක්‍රිකට් ලෝලියෙකුද මැදිහත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ගුණතිලකගේ වැඩ තහනම් කිරීමට පාලක මණ්ඩලය ඊයේ තීරණය කළේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමකට ලක්වූ සිව්වැනි අවස්ථාව මෙයයි. ඔහුගේ මෑතකාලීන අත්හිටුවීම වූයේ පසුගිය වසරේ ඔහු එක්සත් රාජධානියේ ජෛව බුබුල බිඳ දැමීමයි. ඔහු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු සමඟ එම සංචාරයෙන් පසු ගෙදර යවා තිබුණි. ඔහුට වසර දෙකක තහනමක් පැනවුවත් පසුව එය මාස 6 දක්වා අඩුකර තිබුණි.

මීට පෙර ඔහුව අත්හිටුවා තිබූ අවස්ථා වලදීද ක්‍රීඩකයා සම්බන්ධයෙන් ලිහිල් ලෙස කටයුතු කිරීමට ඉහළ නිලධාරීන් මැදිහත් විය.



ඕස්ට්‍රෙලියාවේ නීතිමය ආරංචි මාර්ග  පැවසුවේ ගුණතිලක වරදකරු බව ඔප්පු වුවහොත් අවම වශයෙන් වසර 6ක සිර දඬුවමකට යටත් වන බවයි.

නැමීබියාවට එරෙහිව Geelong හි පැවති ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක තරඟාවලියට ගුණතිලක සහභාගී වූ නමුත්, ඔහු එදින ආබාධයකට ලක්වීමෙන් පසුව සංචිතයෙන් ඉවත් කරන ලදී.

ක්‍රීඩකයාගේ ආබාධය බරපතළ නොවන නිසා ඔහුව ආපසු ගෙදර නොයැවීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළේය. ඔවුන් බලාපොරොත්තු වූයේ වෙනත් පිතිකරුවෙකුට යම් ආබාධයක් සිදුවුවහොත් ඔහුව සංචිතයට ඇතුළත් කිරීමටයි. අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති සුපිරි 12 අදියරේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් පමණක් ලබාගනිමින් ලෝක කුසලානයෙන් ඉවතට විසිවිය. ශ්‍රී ලංකාව දෙවැනි වටයේදී නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවේ පරාජයට පත් විය.

මීට පෙර ගුණතිලක අමාරුවේ වැටුණු අවස්ථාවන්හිදී පියවර නොගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට, කණ්ඩායම් කළමනාකාරීත්වයට සහ ජාතික තේරීම් මණ්ඩලයට මේවනවිට  චෝදනා එල්ලවේ.

කණ්ඩායම් කළමනාකාරීත්වය සමන්විත වන්නේ ක්‍රිකට් කවයේ ගෞරවාදරයට පාත්‍ර වූ මහත්වරුන්ගෙන්ය. ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත බවට සැකයක් නැත. එහෙත් ගුණතිලක වැනි කරදරකාරයන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් ස්ථාවරයක් පෙන්වා නැත.
ශාරීරික යෝග්‍යතාවය නිසා ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් විවේක ගැන්වූයේ මෙම වාරයේය.
ක්‍රීඩකයින් ලෝක කුසලානයට පැමිණීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් නිදහස් කර ඇති බවද දැනගන්නට ඇත.

මෙතරම් තුවාල සිදුවූයේ ඇයිද යන්නට පිළිතුරු සැපයීමට ඔවුන් අපොහොසත් වුවද, පිළිතුර විය හැක්කේ පසුගිය මාස දෙක තුළ ශාරීරික යෝග්‍යතාවය අවදානමට ලක්වීමයි. කණ්ඩායම ආසියානු කුසලානය දිනාගත් පසු සියල්ල ‘ටිකට්-බූල්‘යයි තේරීම් කමිටුව සිතු අතර පසුව ඒවා වැරදි බව ඔප්පු විය.

(රෙක්ස් ක්ලෙමන්ටයින් - සිඩ්නි සිට ‘දි අයිලන්ඩ්‘ වෙත සැපයූ වාර්තාව ඇසුරිනි)