ධනුෂ්ක පාර්ක්ලියා බන්ධනාගාරයේ සිට ශ්‍රව්‍ය දෘශ්‍ය සබැඳිය හරහා නඩුවට පෙනී සිටියේය.
ගුණතිලක රටින් පැනයාමේ අවදානමක් සහ පැමිණිලිකරුගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට ඔහුට ඉඩ ඇති බව පවසමින් පොලිස් අභිචෝදිකා කෙරි මැකිනොන් ඇප දීමට විරුද්ධ වූවාය.
නමුත් විනිසුරු එකග නොවීය.
ගුණතිලක එම චෝදනාවලට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් ඇප ලබා ගන්නේ කෙසේදැයි තමන් සැලකිල්ලට ගන්නා බව විනිසුරු පැවසීය. ගුණතිලක වෙනුවෙන් මුරුගන් තංගරාජ් නීතීඥයා පෙනී සිටි අතර
"ඇත්ත වශයෙන්ම ඔහු මෙම තත්වයන් යටතේ ඇප මත නිදහසේ සිටිනු ඇත ජනවාරි 12 නැවත නඩුවට යායුතුයි" තංගරාජ් පැවසීය.
තංගරාජ් පැවසුවේ ගුණතිලක විමර්ශන කරන බලධාරීන්ට අවනත වී රටින් පිටවීම තහනම් කළ නිසා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාර දුන් බවයි.ඒ අනුව ඇප ලැබූවත් ධනුෂ්ක තවදුරටත් ඒ රටේ රැදී සිටිනු ඇත.
"ඔහුට පලා යාමට හැකියාවක් පෙන්නුම් කර නැත," තංගරාජ් පැවසීය.
ඇප ලබාදීම පිණිස විශාල මුදලක් අය කළ අතර AUD 150,000 ඇපයක් සහ විවිධ කොන්දේසි සහිතව ඇප ලබා දෙන ලදී,
එම අගය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 372 කි.
ගුණතිලක Tinder හෝ වෙනත් යෙදුම් භාවිතා නොකිරීමට කොන්දේසි පනවන ලද අතර ඔහුගේ නීති කණ්ඩායම සමඟ පවත්වන සම්බන්ධතා හැර ඔහුගේ පවතින සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීම ද ඔහුට වළක්වා තිබේ.
මැකිනන් තර්ක කළේ වින්දිතයා අවදානමට ලක්විය හැකි බවයි. "මේ මිනිසා ඇගේ නිවසේ සිටියේය, ඔවුන් එකට එම ලිපිනය වෙත ඇවිද ගියහ" ඇය පැවසුවාය.
දෙදෙනා එක්ව ඇගේ නිවසට ඇවිද ගිය බව තංගරාජ් එකඟ වූ නමුත් එය රාත්‍රී කාලය බවත් ගුණතිලක මීට පෙර කිසි දිනෙක එම ප්‍රදේශයට ගොස් නැති බවත් ඔවුන් විනාඩි 15 ක් පමණ ඇවිද ගිය බවත් පැවසීය. "ඔහුට අවශ්‍ය වුවද, එම තත්වයන් තුළ, ඇය ජීවත් වූ ස්ථානය ඔහු මතක තබා ගන්නේ කෙසේද?" තංගරාජ් පැවසීය.
නාඳුනන පැමිණිලිකාරිය සමාජ මාධ්‍ය හරහා හිරිහැරයට ලක් වූ අතර ඇයගේ ගිණුම් වසා දැමීමට සිදු වූ බව මැකිනන් පැවසුවාය. "ශ්‍රී ලංකා නම්" සහිත ගිණුම් වලින් මෙම හිරිහැර සිදු වූ බව ඇය පැවසුවාය.
තංගරාජ් පැවසුවේ එය අදාළ නොවන බවයි. “එයා එක මිනිහෙක්වත් එක දෙයක් කරන්න පොළඹවලා නැහැ. "ඇය සමාජ මාධ්‍යවලින් ඉවත් වී ඇත, ඒ නිසා සියල්ල නතර විය."
ගුණතිලක ඊළග නඩු විභාගය තෙක් තවත් මාස 2 කට ආසන්න කාලයක් ඕස්ට්‍රෙලියාවේ නිශ්චිත ලිපිනයක ජීවත් විය යුතු අතර දිනපතා පොලිසියට වාර්තා කළ යුතුය.
නඩුව ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.
0 Comments