dehiwala-19-year-old-girl-incident

19 හැවිරිදි තරුණියක් රවටා දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් එහි කාමරයක දින 4ක් තිස්සේ බලහත්කාරයෙන් රඳවාගෙන ඇය මුදලට ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

42 හැවිරිදි සැකකාරිය මාතලේ අළුවිහාර ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. සිද්ධියෙන් අගතියට පත් අදාළ තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.



 කඹුරුගමුව පදිංචි අදාළ තරුණිය ඇය ආදර සබදතාවක් පවත්වන වැලිගම ප්‍රදේශයේ තරුණයකු සමග ඉකුත් පස්වෙනි දින කොළඹ පැමිණ ඇති අතර එදින රාත්‍රියේ ඇය බස්රථයෙන් දෙහිවල ප්‍රදේශයන් බස්සවා පෙම්වතා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 තරුණිය ඇයගේ මාමා පදිංචි දෙහිවල නැදිමාල ප්‍රදේශයට පාගමනින් යන අවස්ථාවේදී ඇය පසුපස සුදු පාට මෝටර් රථයක් පැමිණ ඇති අතර ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකාර කාත්තාව ඇයට කතා කර මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයන් ඇය හදුනන බවත් ඔවුන් හොද නැති පුද්ගලයන් බවත් මාමාගේ නිවසට ඇරලවන්නම් කියා පවසා ඇයව ත්‍රිරෝද රථයේ නංවාගෙන තිබූ බවද පොලීසිය පවසයි.

 මඳ වේලාවකදී එම කාත්තාව තමන්ව ඇය නවාතැන් ගෙන සිටින කාමරයට රැගෙන ගිය බවත් පසුදින දෙහිවල නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඇති හෝටලයකට රැගෙන ගොස් කාමරයක් කුලියට ලබාගෙන දින 4ක කාලයක් රදවාගෙන සිටි බව ඇය කරන ලද ප්‍රකාශයක සදහන් වේ.



එකී දින 4ක කාලය තුළ තරුණියව පුද්ගලයන් සිවුදෙනකුට ලිංගික ක්‍රියාවන් සදහා යොදවා මුදල් ලබාගෙන තිබූ බවට අනාවරණවූ බවද පොලීසිය පවසයි. සැකකාරියගෙන් බේරීමට නොහැකි වූ  අතවරයට පත් කාන්තාව සැකකාරිය නිදාගැනීමෙන් අනතුරුව සැකකාරියගේ ජංගම දුරකථනය හොර රහස් රැගෙන මවගේ දුරකථනයට තමාව බේරා ගන්න කියා කෙටි පණිවිඩයක් යොමුකර තිබූ බව පොලීසිය පවසයි.

කාන්තාවගේ මව විසින් කෙටි පණිවිඩය පැමිණි දුරකථනයේ අංකය ලබාදෙමින් දෙහිවල සිටින සහෝදරයාට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දැරියගේ මාමා විසින් එම දුරකථනයට කතා කිරීමේදී නිදාසිටි කාන්තාව අවදිවී ගැනුම්කරුවකු යැයි සිතා රුපියල් තිස්පන්දාහක් රැගෙන එන්න දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණය ආසන්නයේ තිබෙන හෝටලයක නමක් සදහන් කර තිබු බව පොලිසිය පවසයි. අතවරයට පත් තරුණියගේ මාමා විසින් ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ජංගම සංචාරයේ නිරත නිලධාරින් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. තරුණිය විකිණූ තැනැත්තිය රැකියාව ලෙස ගණිකා වෘත්තියෙ යෙදෙන්නියක බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)