dhanushka-gunathila-updates

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී සුදු ජාතික කාන්තාවක ලිංගික හිංසනයකට ලක්කර ඇති ආකාරය එරට අධිකරණ වාර්තා ඇසුරින්  theage.com.au ප්‍රවෘත්ති වෙබ් අඩවිය සම්පූර්ණ හෙළිදරව්වක් කර තිබේ. එම වාර්තාවෙන් හෙළිකර ඇත්තේ ධනුෂ්ක ඇය සමග මත්පැන් පානය කර පසුව අසාමාන්‍ය ලෙස අවස්ථා කිහිපයකදී හිංසනය ලක්කරන හැටිය. ඇයගේ හුස්ම හිරවන ලෙස ඔහු ශරීරය තද කරන ආකාරයත් කොන්ඩම් නැතිව ඇගේ අකමැත්තෙන් ලිංගිකව එක්වන ආකාරයත් එහි විස්තර වේ. අවසානයේ ඇයට මෙම සිදුවීම නිසා ජීවිත බියක් දැනී ඇතැයිද
ඇගේ මොළයට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයිද අධිකරණ වාර්තාවේ දැක්වෙයි.



එම සම්පූර්ණ විස්තරය මෙසේය.
ඕස්ට්‍රෙලියාවේ ප්‍රකට ඩේටින් ඇප් එකක් වන ‘ටින්ඩර්‘ ඔස්සේ ඇය ඔහු සමග මිතුරුවී තිබේ. ඔක්තෝබර් 29 වන දින සිට දින 4 ක් තිස්සේ ටින්ඩර් සමඟ දෙන්නා චැට් කිරීම් සිදුකර ඇති අතර වීඩියෝ ඇමතුම් ඇතුළුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇමතුම්ද ලබාගෙන තිබේ.
31 හැවිරිදි ධනුෂ්ක 29 හැවිරිදි මෙකී සිඩ්නි ජාතික කාන්තාවට නොවැම්බර් 2 වැනි දින සිඩ්නි හි ඔපෙරා බාර් හිදී පෞද්ගලිකව හමුවීමට ආරාධනා කර තිබේ.  සසෙක්ස් වීදියේ ‘හයට් රීජන්සි හෝටලයේ‘ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක ඇය හමුවන්නට යන්නේ රාත්‍රී 8.20 ට පමණය..
මෙම යුවළ පැය භාගයක් තැබෑරුමේ රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේදී විත්තිකරු ප්‍රමිතිගත මත්පැන් දෙකක් සහ කාන්තාව බීම වර්ග පහක් පානය කර ඇති බව පොලිසිය පවසයි. ධනුෂ්ක සහ කාන්තාව පසුව Frankie's Pizza වෙත ගොස්  ඇති අතර අනතුරුව රාත්‍රී 10.20 ට පමණ ඔවුන් දෙන්නාම ඇගේ නිවසට පිටව යති.
නිවසට ගමන් කර ඇත්තේ දිය මතිනි.බොට්ටු සේවාවක් ඔස්සේය.
තොටුපළක් ළඟ බෝට්ටුවක් එනතුරු බලා සිටියදී ධනුෂ්ක එම කාන්තාවට “ඔහුගේ ශරීරය තදකර” “බලහත්කාරයෙන්” සිපගත් බවත්, ගමනේදී “ඔහුගේ අතින් ඇගේ තට්ටම්වලට පහර දී” ඇති බවත්, ඊට ඇය “ඕයි” යැයි පිළිතුරු දුන් බවත් පොලිසිය චෝදනා කරයි.
අනතුරුව නිවසට ගිය පසු නිවසේ දී ධනුෂ්ක "තත්පර 20-30 අතර කාලයක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ" බව පැමිණිල්ලේ දැක්වේ. "මං කිසිවක් කිරීමට බිය වූණා, ඔහු තවත් දෙවරක් ගෙල සිර කරා‘ඇය සඳහන් කරයි.


තුන්වන අවස්ථාවේදී ඔහු ඇයගේ හුස්ම හොඳටම සිරවූ බවත් ඔහුගේ මැණික් කටුව අල්ලාගෙනඅත ඉවත් කිරීමට දැඩි උත්සාහයක්ගත් බවත් පවසන ඇය එම අවස්ථාවේ කේන්තියෙන් තවත් තත්පර 10 ක් පමණ ඇගේ බෙල්ල තදින් මිරිකාගෙන සිටි බව කියා සිටියි.
"මෙම අවස්ථාවේ පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය," පොලිසිය චෝදනා පත්‍රෙය් සඳහන් කරයි.
හුස්ම හිරවීම සිදු වූ බව කියන අවස්ථාවේ දී, කාන්තාව දැඩි ලෙස දුර්වල තත්වයට පත්වූ බවත් ඒ සමග ඔහු විනාඩි 10-15 අතර කාලයක් ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත් පොලිස් කරුණු කියයි.
පසුව ධනුෂ්ක ගුණතිලක ඇඳ අද්දර වාඩි වී සිටි අවස්ථාවේදී, "කොන්ඩමයක් බිම ඇති" බව දැක තිබේ. ඔහු බලහත්කාරයෙන් සම්බන්ධවී ඇත්තේ ඇගේ ජීවිතයට අනපේක්ෂිත කරදරයක් කරමින් බවට දැනගත් පසු පැමිණිලිකාරිය කම්පනයට පත් වූ නමුත් චූදිතයාට කිසිවක් පැවසීමෙන් තත්වය දරුනු විය හැකි යයි බියක් දැනුණ බව ඇය දන්වා ඇතැයි පොලිස් කරුණු සඳහන් කරයි.
මෙම චෝදනාවේ දෙවන තුන්වන සහ සිව්වන චෝදනා අතිශය අසභ්‍යය. ඔහු ඇගේ රහස් මාර්ගයට හා මුඛ මාර්ගයට ලිංගික බලහත්කාරය සිදුකළ අයුරු චෝදනා වලින් දැක්වේ.
 අධිකරණ වාර්තාවේ මෙසේ දැක්වේ.
‘The second charge relates to the alleged aggressive digital penetration of the woman’s vagina, while the third and fourth charges are allegations that Gunathilaka had put his penis in her mouth.‘

පොලිසිය චෝදනා කරන්නේ මෙම කාන්තාව "ශීත වී කම්පනයට පත්ව සිටි‘ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක කුලී රථයක් ගෙන්වාගෙන ඇගේ නිවසින් පළා ගොස් ඇති බවය.



පසුදින පැමිණිලිකාරිය “ඇයට සිදු වූ දෙය මිතුරන් දෙදෙනෙකුට පවසා” උපදේශන සේවාවකට කතා කර පොලිසියට සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර සසෙක්ස් වීදියේ හයට් රීජන්සි හෝටලයේදී ගුණතිලක ඉරිදා උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ අතර අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. සංවෘත නඩු විභාගයකදී ඔහුට ඇප ප්‍රතික්ෂේප විය.

ගුණතිලක වෙනුවෙන් සඳුදා අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආනන්ද අමරනාත් මහතා නඩුවෙන් ඉවත් වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් තමන් රඳවාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඊළග නඩු විභාගයේදී ක්‍රීඩකයා වෙනුවෙන් ඩිෆෙන්ස් බැරිස්ටර් සෑම් පරරාජසිංහම් සහ සොලිසිටර් සාරා බ්ලැක් පෙනී සිටියහ.