dhanushka-gunathilake

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අතින් දූෂණයට ලක්වූ බව කියන තරුණියගේ ඡායාරූපයක් බව හැඟවෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරන අතර තොරතුරු සත්‍යඅසත්‍යතා පරීක්ෂණ කන්ඩායම් මගින් එකක් අසත්‍ය ඡායාරූපයක් බව තහවුරු කර තිබේ.


මෙම ඡායාරූපය බොහෝ ෆේස් බුක් පිටු ඔස්සේ ප්‍රචාරය වී ඇති අතර එක් තැනක දැක්වෙන්නේ
“අතවරේකට ලක්වෙද්දි සතුටින් ඉන්නවා දැකපු එකම කෙල්ල හැබැයි” යනුවෙනි.

29 වියැති ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය හා ධනුෂ්ක නාන කාමරයක ටබ් එකක සිටින ආකාරයේ ඡායාරූපයක් මේ සමග පළවී ඇති නමුත් ඒ අදාළ කාන්තාව නොවන බවත් ධනුෂ්කගේ පැරණි ඡායාරූපයක් බවත් තහවුරු කර ඇත. එහි සිටින කාන්තාවගේ මුහුණ සබන් පෙන වලින් ආවරණයවී ඇති අතර එම කාන්තාව සිද්ධියට අදාළ ඕස්ට්‍රෙලියානු කාන්තාවද නොවේ.‍

 සිදුවීමට සම්බන්ධ තරුණියගේ අනනන්‍යතාව හෝ ඡායාරූප ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙතින් හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍යයකින් මුදා හැර නැති නමුත් සිද්ධියට අදාළ තරුණිය හා ධනුෂ්ක සිටින එක් ඡායාරූපයක් ටින්ඩර් සමාජ මාධ්‍ය තුළට ධනුෂ්ක මුදාහැරීමෙන් පසු එය සමාජ මාධය වෙත අනාවරණය වී තිබුණි. ධනුෂ්ක පෙර කී කාන්තාව කැටුව ඇගේ නිවසට යනඅතරමග බෝට්ටුවක සිටියදී එය ලබාගෙන තිබුණි.


එය කාන්තාවගේ නිවැරදි ඡායාරූපය වුවත් බාත් ටබ් එකේ ඡායාරූපය ඇගේ නොවේ.