diana-gamage-pass-port-case

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත පිළිබඳ පැමිණිල්ලට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු දෙසැම්බර් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළ බව වාර්තාවේ.





පැමිණිල්ලට අදාළ විමර්ශනවලට අදාළව නොවැම්බර් 10 වැනිදා කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කර තිබුණි.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නොතීසි නිකුත් කළේ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
 
රාජ්‍ය අමාත්‍යවරියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසිභාවයක් තිබේද යන්න සහ මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මෙතෙක් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලෙසද නීතීඥ වන්නිනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


 
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ ඉහත සඳහන් හැඳුනුම්පත් ව්‍යාජ ඒවා බවට චෝදනා කළ මුල් පැමිණිලිකරු වන සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් නොවැම්බර් 03 වැනිදා අධිකරණයට දන්වා සිටියේ නඩුව ඔක්තෝබර් 27 වැනිදා විවෘත අධිකරණයට කැඳවන ලෙස තම නීතිඥවරුන්ට උපදෙස් දී නොමැති බවයි.