diana-gamage

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙයි.



පෙත්සම ගොනුකර තිබෙන්නේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතාය

ඕෂල ලක්මාල් හේරත් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසකි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පෙත්සම්කරු කියා සිටියේය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත්, එය නීතියට පටහැනි බවත් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙයි.