electric-vehicle-guideline

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ මාගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම විදයුත් වාහන හා උපාංග, මෙරට තුළ සිදුකරනු ලබන විද්‍යුත් වාහන එකලස් කිරීමේ කටයුතු සහ විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රව පරිසරයට බැහැර කිරීම සඳහාද මෙම මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මෙම මාගෝපදේශ මාලාව ක්‍රියාවට නැවීම තුළින් ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම මෙන්ම,



භාවිතය ක්‍රමවත් කිරීම බලාපොරොත්තුව වේ. මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. මේ වනවිටත් කර්මාන්ත අමාත්‍යංශය. විසින් මෝටර් රථවාහන (Auto Mobile) පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින අතර, එම ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාවද එළිදැක්වීමට කර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මෙම විද්‍යුත් වාහන මාගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් බැටරි වැනි විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමේ ක්‍රියාවලීයක් සකස් කෙරෙන නිසාත්, විද්‍යුත් වාහන ප්‍රචලිත වීම තුළින් මෙරට තුළ පොසිල ඉන්ධන භාවිතය අඩු කළ හැකි වීම නිසාත් පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලැබීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන වාසිදායක තත්ත්වය බව සඳහන් වේ.

මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය අංශය ලබාදෙන දායකත්වයට සමාන දායකත්වයක් පෞද්ගලික අංශයෙන්ද ලබාගත යුතු බවයි. එසේම මෙම වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබාදීමට 'USAID" ආයතනය එකඟතාව පළ කර තිබේ.



(මහිෂා චන්ද්‍රගුප්ත)