ලෝකයේ අංක එකේ ධනපති ඇමරිකාවේ ඊලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම ඔස්සේ තමාගේ ඇඳ ළඟ මේසේ බව දක්වමින් ඡායාරූපයක් හුවමාරු කරගෙන තිබේ.
සිය පුද්ගලික දේපළ ප්‍රසිද්ධ නොකරන ප්රතිපත්තියක සිටින ඊලොන් මුල් වරට ප්‍රසිද්ධ කළ මෙම ඡායාරූපය බොහෝ අයගේ කථාබහට හේතුවී තිබේ. එම ඡායාරූපයේ ඇතුළත් විවිධ දේ ගැන සංවාද බිහිව ඇති අතරම ට්විටර් ඔස්සේ ඇතැමුන් තම තමන්ගේ ඇඳ ළඟ මේසවල ඡායාරූපද බෙදාගනිමින් සිටී.
ඊලොන්ගේ ඡායාරූපයේ දැක්වෙන ඇමරිකානු ඉතිහාසයට සම්බන්ධ සිතුවම ගැන කථාබහක් ඇතිව තිබේ.
ඩෙලවෙයාර් ගඟ තරණය කරන ජෝර්ජ් වොෂින්ටන්ගේ සිතුවමක් එහි දැක්වේ. ලී පෙට්ටියක රඳවා ඇති අතර අනුරූ කිහිපයක්ද හඒ සමග ඇත.
ඊළඟට තවත් ව්‍යාජ අවි දෙකක් පමණ එම ඡයාරූපයේ තිබේ, එය පෙනෙන විදිහට සෙල්ලම් බඩු යයි විස්තරවී තිබේ .
මේ අතර ඊලෝන් පරිහරණය කරනවා යයි සැලකිය හැකි කැෆේන් නැති ඩයට් කෝක් ටින් හතරක්ද ඡායාරූපයේ තිබෙයි..
එය ඉදිරියෙන් වතුර බෝතලයක් වන අතර, පිටුපසින් ජෝර්ජ් වොෂින්ටන්ගේ සිවිල් සහ විනීත හැසිරීම් පිළිබඳ නීති රීති ඇතුළත් පොත් සමූහයකි .
මීට අමතරව බොහෝ දෙනා අදහස් දක්වා ඇති උපකරණයක් ලෙස ටිබෙට්හි ප්‍රකට ලෝකඩ වජ්ර චාරිත්‍රානුකූල ආයුධයක්ද ඊලෝන් පාවිච්චි කරන බව අඟවා ඇත.
පසුගිය කාලයේ ලංකාවේ මහින්ද රාජපක්ෂගේ අතේ රැඳී තිබුණ මෙම උපකරණය ඔහුට ආරක්ෂාව හා කීර්තිය ලබාදුන් බවට විශ්වාසයක් පැවතිණි.
ටිබෙටයේ ලෝකඩ ‘වජ්ර හෝ ඩෝර්ජේ‘ ලෙස හඳුන්වන චාරිත්‍රානුකූල ආයුධය ඉන්දියානු පුරාවෘත්ත අනුව විශ්වයේ ඇති බලවත්ම ආයුධය ලෙස සැලකේ. එය දියමන්ති සහ ගිගුරුම් බලය සංකේතවත් කරයි - විනාශ කළ නොහැකි සහ නොබිඳිය හැකි බලයකි.
වජ්‍රය සංකේතාත්මක කොටස් කිහිපයකින් සාදා ඇත. කේන්ද්‍රය විශ්වයේ ස්වභාවය 'සුන්යතා' නියෝජනය කරයි.
මධ්‍යයේ දෙපැත්තට සම්බන්ධ වී ඇත්තේ පෙති අටකින් යුත් නෙළුම් මල් දෙකකි. මේවායින් ‘සංසාර’ ප්‍රපංච ලෝකය සහ ‘නිවන් අවබෝධය’ යන විවිධ අංශ දෙකක් නියෝජනය කරයි.
බටහිර අධ්‍යාපනය ලද ඊලෝන් මේවා විහ්වාස කරනවාද යන්න අපැහැදිලිය. ඔහු මෙම උපකරණය රැගෙන ගිය අවස්ථා වාර්තාවන්නේ නැති නමුත් ප්‍රසිද්ධ කළ ඡායාරූපයේ ඔහු ඇඳ ළඟ තබාගෙන සිටින බව දන්වා ඇත.
0 Comments