කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 8 කට ලකුණු 141 ක් ලබාගන්නා ලදි. පැතුම් නිශ්ශංක 67 ක් භානුක රාජපක්ෂ 22 ක් හා කුසල් මෙන්ඩිස් 18 ක් රැස් කරන ලදි.
දෙවැනිව පන්දුවට පහරදුන් එංගලන්ත පිල මෙම ලකුණු සංඛ්‍යාව 20 වන ඕවරයේදී පසුකර ගියේය.
ඒ අනුව එංගලන්තයට ප්‍රසාද ලකුණු 7 සම්පූර්ණ වූ අතර සම ප්‍රසාද ලකුණු හිමි ඕස්ට්‍රෙලියාවේ සාමාන්‍ය අගය වූ -0.173 අභිබවා එංගලන්තය + 0.473 ක සාමාන්‍යයක් ලද නිසා 1 කාණ්ඩයෙන් පළවෙනියා වූ නවසීලන්තය හා අද දෙවැනියා වූ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගත්තේය.
මේ අනුව සත්කාරක ඕස්ට්‍රෙලියාව තරගාවලියෙන් ඉවත්වීමද සිදුවේ. ඕස්ට්‍රෙලියාවට අමතරව 1 කාණ්ඩයේ ශ්‍රී ලංකාව අයර්ලන්තය හා ඇෆ්ගනිස්ථානයත් 2 වන කාණ්ඩයේ නෙදර්ලන්තයත් මෙවර තරගාවලියෙන් දැනට නිසැකවම ඉවත්ව ඇති රටවල් බවට පත්ව තිබේ.
අද ඔවුන් එලෙස ජයගැනීම සමග 1 කාණ්ඩයේ සියලු තීන්දු තීරණ ලබාගෙන අවසන්ව ඇති නමුත් 2 කාණ්ඩයේ තරග වදින රටවල් වලින් අවසන් පූර්ව තේරෙන්නේ කවර රටවල් දෙකද යන්න ඉදිරි තරග අනුව නිශ්චය වනු ඇත. 2 කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පකිස්තානය , බංග්ලාදේශය හා සිම්බාබ්වේය.
0 Comments