expressway-bus-strike

සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා (20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහාපති සරත් රණසිංහ මහතා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිස්වේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවත් රණසිංහ මහතා සඳහන් කළේය. අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමග මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවමින්  ඊයේ (14) කොළඹ දී පැවසීය.

අධිවේගී මාර්ග බස්රථවලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත්, මේ හේතූවෙන් බස් රථ ධාවනය තවදුරටත් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. එම ටෙන්ඩර් ගාස්තු අය නොකර, අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසීයක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද රණසිංහ මහතා කීවේය.


නිමල කොඩිතුවක්කු