fuel-shortage

මිලසූත්‍රය ප්‍රකාරව මේ සතියේ පෙට්‍රල් හා ඩීසල් මිල විශාල වශයෙන් අඩුවීමකට ලක්වේ යයි අපේක්ෂාවෙන් ඉන්ධන හල් හිමියන් ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග ලබා නොගන තිබෙන අතර මිල අඩු කළ පසු ඇනවුම් කර වාසි ලබාගැනීමට අපේක්ෂා කර තිබේ. මේ හේතුවෙන් තිබෙන තොග අවසන්වීම නිසා ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල කෘත්‍රීම ඉන්ධන හිඟයක් නිර්මාණයවී තිබේ.


සිපෙට්කෝ හා අයිඕසී දෙකටම ඉන්ධන ප්‍රමාණවත්ව සැපයුමට තිබෙන බවත් ඉන්ධන මිල අඩුවීමක් මෙම සතියේ නොවන බවත් ඇමති කංචන විජේසේකර ඊයේ දන්වා තිබෙන අතර තොග ලබානොගෙන අනවශ්‍ය ලෙස හිඟයක් මවා නොපාන ලෙසද ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලා තිබේ.
ඊයෙ වාර්තාවූයේ මෙම තත්වය කොළඹින් පිට ඉන්ධන හල්වලට තදින් බලබා ඇති බවයි.
සිව් දිනකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ(03) දින පෙට්‍රල් ඉන්ධන තොග නිකුත් කර තිබූ අතර වාහන විශාල ප්‍රමාණයක් පොලිම් වල රැදි සිටිනු වාර්තා විය.

පෙට්‍රල් ඉන්ධන මිල අඩුවන බවට පැතිර ගිය ආරංචියක් අනුව ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් පෙට්‍රල් ඉන්ධන තොග ඇණවුම් නොකිරිම හේතු කොටගෙන ඉන්ධන හිඟය කෘත්‍රිමව නිර්මාණයවී තිබේ.



මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම හෝ බෙදා හැරීම සහ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය නොවැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක වේ.