තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙන්නා ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සමග සිදු කළ කටයුතු ගැන අධිකරණයේදී කරුණු හෙළිව තිබේ.
දකුණු පළාත්සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු වෘත්තියෙන් කට්ටඩියෙකි.
ඔහු16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා අත්අඩංගුවට පත්වූ අයෙකි. පසුව රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි ද ඔහු චෝදනාවකට ලක්වූ අතර
පසුව ස්ත්‍රී දූෂණ චෝදනා නිසා ඇතිවූ අපකීර්තිය නිසා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රී ධූරෙයන් ඉවත්වූයේ 2019 මාර්තු මාසයේය.
ඔහුට ලබා දුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වෙයි.
ගාල්ල – බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කියා සිටියේ තිලිණි ප්‍රියමාලි ලක්ෂ 350ක චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි.
එම මුදල දේවාලයේ කටයුතු සඳහා ලබා දුන් ආධාරයක් බවත් ඔහු කියා තිබේ.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් ඔහුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
ජානකී සිරිවර්ධන අධ්යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයට ඉන්දියාවෙන් මුදල් ලැබී තිබූ බවත්, පසුගිය කාලය පුරාම ඊට මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඇයගේ ආයතනයේ සේවකයන්ට මාසිකව රුපියල් ලක්ෂ 50 කට අධික වැටුප් ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සඳහා මුදල් ලැබී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
මෙහිදී සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ සිය සේවාදායිකාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ මාධ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු මාධ්‍යයට මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.
සාක්ෂිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් නානායක්කාර එහිදී ප්‍රකාශ කළේ මාධ්‍යකරණයේ වගකීම ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශ්වයන්ට වෙඩි තැබීම් සිදුනොකළ යුතු බවයි.කරුණු සලකා බැලූ අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අවධාරණය කළේ සැකකාර ජානකී සිරිවර්ධනයට ඇප ලබාදීමෙන් සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් සැකකාර ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
0 Comments