ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති හැටියට සඳුදා (නොවැ. 14) 2023 වසර සඳහා අය-වැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහිදී වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට නම් දැනට දුර්මුඛවී පැත්තක් ගසාගෙන සිටින පොහොට්ටුවේ ඇමතිකං අපේක්සකයින්ට ඇමති ධූර පිරිනමන්නට අවශ්‍යවී ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
මාස කිහිපයක සිට ඇමැති ධූර අපේක්ෂාවෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටිය ද මේ වන තෙක් එවැන්නක් සිදු වී නැති නමුත් අයවැය මුල් කරගෙන නැති ඇමතිධූර නිර්මාණයවී ඇතැයි පැවසේ.
මින් ඉහත එස්බී දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ පොහොට්ටුවේ අය කලකිරී ඇති බවත් ඇමතිකම් නොදුනහොත් අයවැය පරදින්නට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් පොහොට්ටුව කරඅරින ලද නමුත් 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළේ ඔවුන් නැතිවය. තුනෙන් දෙකකිනි. අයවැය සම්මත වීමට අවශ්‍ය දෙකින් එකකි.
අය-වැය විවාදය පැවැත්වෙන අතරතුර බොහෝ විට ලබන සතියේ ඇමති මණ්ඩලය සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වී සහය පළ කිරීමට එකඟත්වය පළකර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දක්වා සජබ නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින්නේ ඩයනා, හරින් හා මනුෂ පමණක් වන අතර ඉදිරියට තවත් පිරිස් එක්කාසු වන ස්වරූපයක් පෙන්නුම් කර ඇත.
0 Comments