india-england-semi-final

විස්සයි20 ලෝක කුසලානයේ එංගලන්තය හා ඉන්දියාව අතර පැවති අවසන් පූර්ව වටයේ තරගයෙන් අද (10) ඉන්දියාව පරාජයට පත් කරමින් එංගලන්තය අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබාගත්තේය.
මෙහිදී ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලබාදුන් 168 ඉලක්කය එංගලන්තය එකදු කඩුල්ලක් හෝ නොදැවී 16 වන ඕවරයේදී 170 ක්ලබා පසුකර යාම විශේෂත්වයකි. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් හා ඇලෙක්ස් හේල් 80 හා 86 බැගින් ලබාගනිමින් වාර්තාවක්ද තැබූහ.
ඉන්දීය ඉනිමේ අද පාණ්ඩ්‍යා 63 ක් හා කෝලි 50 ක් රැස් කර ගත් අතර එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩන් කඩුළු 3 ක් ලබාගත්තේය.
මින් ඉහත පැවති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය නවසීලන්තය පරදා ජයගත් නිසා
ලබන 13 වන ඉරිදා මෙල්බන්හි පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය එංගලන්තය හා පකිස්තානය අතර පැවැත්වෙනු ඇත.