කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති 69.8% සිට 2022 ඔක්තෝබර් මාසයේදී 66.0%ක් දක්වා පහළ ගොස් තිබේ. 2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යමේ ප්රවණතාවක් අනුගමනය කරන ලද මතුපිට උද්ධමනය මෙසේ පහළ යාමක් වාර්තා කිරීම සැලකිය යුතු තත්වයකි.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති 94.9% සිට 2022 ඔක්තෝබර් මාසයේදී 85.6%ක් දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනයද 2022 සැප්තැම්බර් මාසයේ පැවති 57.6% සිට ඔක්තෝබර් මාසයේදී 56.3%ක් දක්වා පහළ ගොස් තිබේ.
0 Comments