තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකාවේ අනාගත උසම ගොඩනැගිල්ල ලෙස ගාලුමුවදොර ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස හා ව්‍යාපාරික ඒකක අලෙවි කරන මුවාවෙන් තිළිණි ප්‍රියමාලි මෙම ස්ථානයට ව්‍යාපාරිකයින් ගෙන්වා අත්තිකාරම් මුදල් ලබාගෙන තිබුණ බවත් වංචාවන් සිදු කර තිබූ බවත් මින් පෙර හෙළි විය.
මේ අතර අසාද් සාලි තිලිණි ගැන ලබාදුන් විස්තර අනුව තිලිණිගේ ගනුදෙනු බොහොමයක් ජානකි සමග එක්ව සිදු කරන ලදැයි පවසා තිබුණි.
මීට වසර 6 කට පණ පෙර ක්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන්ද විමර්ශන ඇරඹී අතර ඒ කාලයේ ජානකී සිරිවර්ධනගේ නම මාධ්‍ය තුළ කථාබහට ලක් විය.
ක්‍රිෂ් විමර්ශන අතරතුරේ දී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා විසින් මහෙස්ත්රාත්වරයකු හමුවේ ලබා දී ඇති පාපෝච්චාරණය මඟින් නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොහොත් ජානකී වරකාගොඩ මහත්මිය අතර වූ සම්බන්ධතා රැසක් ගැන තොරතුරු හෙළිදරව් කර තිබූ බවට මාධ්‍ය වාර්තා පළ විය.
ඉන්දියාවේ මහදේවන් සමාගමේ (ක්‍රිෂ් ලංකා සමාගමේ මව් සමාගම) හිමිකරුවන් මෙරට ආයෝජනය සඳහා කැඳවාගෙන පැමිණ තිබුණේ ඇයයි.
ඒ කාලයේ මෙම ගනුදෙනුවට ප්‍රථමයෙන් මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි බව පවසා රුපියල් මිලියන 70 ගනුදෙනුවක් ක්‍රිෂ් ව්‍යාපාරිකයින් සිදු කර තිබේ.
හම්බන්තොට වරාය ආසන්නයේ ව්‍යාපෘතියක් ලබාගැනීමටත් කල්පිටියේ අක්කර තිහක ඉඩමක් ද මිලදී ගැනීමටත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් ගනුදෙනුවටත් ජානකී විසින් රාජපක්ෂවරුන් සම්බන්ධීකරණය කළ බවටත් ඒ අතරතුර විශාල කොමිස් මුදල් හුවමාරුවූ බවටත් විවිධ වාර්තා පළව තිබුණි.
යහපාලන ආණ්ඩුව පිහිටවූ පසු ජානකී සිරිවර්ධන එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉන්දියාවේ ඉහළ ව්‍යාපාරික අම්බානි මෙරටට ගෙන්වා අගමැති හා හමුවීමක් සම්බන්ධීකරණය කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන වැඩිදුර රඳවා ගෙන ප්‍රශ්න කිරීමට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments